ඝෘජු ප්‍රතිපත්තියක් ඇති, සෑම අතින්ම අංග සම්පූර්ණ ජනාධිපති කෙනෙකු සිටීම මහත් වාසනාවක්..- මිරිසවැටිය නාහිමි

June 20, 2020 at 6:48 pm | lanka C news
ඝෘජු ප්‍රතිපත්තියක් ඇති, සෑම අතින්ම අංග සම්පූර්ණ ජනාධිපති කෙනෙකු සිටීම මහත් වාසනාවක්..- මිරිසවැටිය නාහිමි

තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය තෙවසරකින් නිමාකර දැවි දැවී සිටි රටකට නිදහස උරුමකරදුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.

රට හදන්න පෙරමුණ ගෙන සිටින ජනාධිපතිතුමා සමග සමස්ත මහා සංඝරත්නය සිටින බවත් එහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ඝෘජු ප්‍රතිපත්තියක් ඇති, සෑම අතින්ම අංග සම්පූර්ණ ජනාධිපති කෙනෙකු රටට සිටීම මහත් වාසනාවක් බව ද ඥාණතිලක හිමියෝ පැවසූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාද පළ කරමින් අද (20) දහවල් මිරිසවැටිය විහාරස්ථානයේ දී සියක් නමක් උදෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිණාව අවසානයේ විශේෂ අනුශාසනාවක් කරමින් පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ මේ බව සඳහන් කළහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

81 views

15 Comments to “ඝෘජු ප්‍රතිපත්තියක් ඇති, සෑම අතින්ම අංග සම්පූර්ණ ජනාධිපති කෙනෙකු සිටීම මහත් වාසනාවක්..- මිරිසවැටිය නාහිමි”

  1. ක්‍රිමිනල් says:

    හාන්දුරුවනේ ! අර කරුණා අම්මාන්ගේ සමූල ඝාතක පාපොච්චාරණයටත් පොඩි වොයිස් කට් එකක් දෙමුද ? ආ එක්කො ඔන්නෑ , කරුණා අම්මාන් ,පිල්ලෙයාන්ලා දේශප්‍රේමීනේ . කටේ නරි වාදං රෙද්ද පල්ලෙන් බෙරෙනවා.

Main News