චණ්ඩ මාරුතය ශ්‍රී ලංකාව ඉදිරියේ.. රතු නිවේදන නිකුත් කෙරේ..
December 5, 2017 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වර්ධනය වී ඇති අඩු පීඩන කලාය මේ වන විට නැගෙනහිර වෙරලට කිලෝ මීටර 1100ක් පමණ දුරකින් සථාන ගතව තිබේ.
මෙම අඩු පීඩන කලාපය ඉදිරි දිනය ඇතුලත පීඩන අවපාතයක් වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ නිසා ඉදිරි සිකුරාදා දින තෙක් සියළු ධීවරයින් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසද දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මේ අතර අද පස්වරුවේ උතුර, නැගෙනහිර, උතුර මැද, ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්
නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, ඌව තරමක තද සුළං ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.