චතුරට සුබ මංගලම්.. බදු ගෙවන ජනතාවට ස්තුතියි..

August 30, 2018 at 3:50 pm | lanka C news
චතුරට සුබ මංගලම්.. බදු ගෙවන ජනතාවට ස්තුතියි..

අද දිනයේ අරලියගහ මන්දිරයේදී විවාහ උද්සවය පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ දිවියට සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ පසුගිය ආණ්ඩුව සමයේදී අරලියගහ මන්දිරය දන් දෙන ස්ථානයක් යයි එවකට විපක්‍ෂය විසින් හැදින්වූ බවයි.

වර්තමානයේ අරලිය ගහ මන්දිරය මගුල් උත්සව පවත්වන ස්ථානයක් වී ඇති බවත් බදු ගෙවන ජනතාවට ස්තූති කරන බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවැසීය.

148 views
Main News