චතුර පෝරුවේදී සරූපාට පැලදු මාලය හැට ලක්‍ෂයක්.. අරලියගහ මැදුරේ ගාස්තුවත් මෙන්න…

September 4, 2018 at 10:49 pm | lanka C news
චතුර පෝරුවේදී සරූපාට පැලදු මාලය හැට ලක්‍ෂයක්.. අරලියගහ මැදුරේ ගාස්තුවත් මෙන්න…

අරලියගහ මන්දිරයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය වෙනුවෙන් මුදල් අය කරන ලද බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.

එම ශාලාව, විදුලිය, වායු සමීකරණ පමණක් එම උත්සව වෙනුවෙන් ලබා දුන් බවත් ඒ සදහා රුපියල් 2,180,000ක මුදලක් ගෙවා ඇති බවත් ඔහු සදහන් කරයි.

එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට මෙම ශාලාව උත්සවයක් සදහා භාවිත කල හැකි බත් ඒ සදහා පැයකට රුපියල් 40,000ක මුදලක් අය කරන බවත් ඔහු කියා සිටියේ සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර සමාජ ජාලාවන්හි වාර්තා පල වන්නේ චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයා විසින් සිය බිරිද සරූපා සමංගිට මංගල පෝරුවේදී පලදවන ලද රන් මාලයේ වටිනාකම රැපියල් ලක්‍ෂ 60 ඉක්මවන බවයි.

134 views
Main News