චතුර රජගෙදර කෑ රජ මගුල ගැන මහින්ද කී කතාව මෙන්න..

September 2, 2018 at 12:02 am | lanka C news
චතුර රජගෙදර කෑ රජ මගුල ගැන මහින්ද කී කතාව මෙන්න..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා විසින් අරලිගහ මන්දිරයේ පැවැත්වූ මංගල උත්සවය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

තම පාලන කාලයේදී මෙවන් උත්සවයක් ගත්තේ නම් අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට යාමට සිදුවන්නේ යයි ඔහු කියා සිටියේය.

එම ශාලව ඉදි කරන ලද්දේ මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි නායකයන්ගේ ප‍්‍රයෝජනය සදහා බවද ඒ මහතා සදහන් කලේය.

කොළඹ පැවති ප‍්‍රදර්ශණයක් නැරඹීමෙන් පසු මාධ්‍ය වෙත අතහස් පල කරමින් හිටපු ජනාදිපතිවරයා මෙම අදහස් පල කලේය.

104 views
Main News