චන්ද්රිකාගේ අලූත් පක්ෂයේ ප්රචාරක ලේකම්ද..- රෙජිනෝල්ඞ් කතා කරයි..
January 23, 2019 at 12:00 pm | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් බිහි කරනු ලබන නව දේශපාලන පක්ෂයක ප්රචාරක ලේකම් ලෙස තමන් පත් වන්නේ යයි පල වන වාර්තා උතුරේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ප්රතික්ෂෙප කරයි.
තමන් එවන් කිසිදු සාකච්චාවකට සහභාගී නොවූ බවත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමක් ගැන කිසිවක් නොදන්නා බවත් පවසන ඒ මහතා තමන් දිගටම ශ්රීලනිප දේශපාලනයේ නිරත වන බවද කියයි.
ජනාධිපතිවරයා හා තමන් අතර විරසකයක් ඇති කිරීමේ සැලසුමක් කිහිප දෙනෙකු විසින් ක්රියාත්මක කර ඇති බවත් ඒ මහතා විශේෂ ප්රකාශයක් කරමින් කියා සිටී.