චන්ද්‍රිකාගේ සංවිධානය සමග ශ්‍රීලනිප මන්ත්‍රීන් 18ක්.. ආණ්ඩුකාරයෙක්.. සංවිධායකයන් 24ක්..
January 3, 2019 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සමගින් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18ක්, ආණ්ඩුකාරවරයෙක් හා ආසන සංවිධායකයන් 24ක් සිටින්නේ යයි කඩුවල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.
ගිය පළාත් පාලන මැතිවරණයේදී තමන් පොහොට්ටුවෙන් තරග කලේ නම් අදද කඩුවෙල නරාධිපතිවරයා තමන් යයිද ඔහු කියා සිටී.
ශ්‍රීලනිප සුරැුකීමේ සංවිධිනය විසින් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
තමන් ශ්‍රීලනිපයෙන් ඉවත් කල ද කිසිවිටෙක එජාපයට එක් නොවන බවද ඔහු එහිදී පැවසීය.
මෙම සංවිධානය පසුපස චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය විශාල කාර්යභාරයක් කරන්නේ යයිද සදහන්ය.
අලියාගේ නැට්ටේ එල්ලෙනවා හැරෙන්ඩ වෙන විකල්පයක් නෑ ?