චන්ද්‍රිකාගේ සංහිදියාවට ගනේෂන් කිපේ.. එලිපිට ගැටේ..

October 2, 2016 at 3:50 pm | lanka C news
චන්ද්‍රිකාගේ සංහිදියාවට ගනේෂන් කිපේ.. එලිපිට ගැටේ..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප‍්‍රධානත්වයෙන් යුතු ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය විසින් සකස් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් විරෝධය පළ කරයි.

ඇමතිවරයා පවසන්නේ අදාල ප‍්‍රතිපත්ති යෝජනාවලිය තමන්ගෙන් අදහස් නොවිමසා සකස් කරන ලද්දක් බවයි.

තම අමාත්‍යංශයටද සංහිඳියාව ගොඩනැගීම පිළිබදව වගකීමක් පැවරී ඇතැයිද පවසන ඇමති මනෝ ගනේෂන් හිටපු ජනාධිපතිනිය විසින් ඉදිරිපත් කර ඇති සංදේශයට තම අමාත්‍යාංශය කිසිදු දැන්වත්කමක් නැති නිසා එය කැබිනට් අනුමැතියට යොමු කිරීම කල් දාන ලෙස ඉල්ලා සිටි බවද කියා සිටී.

23 views
Main News