චන්ද්‍රිකාගේ සහාය එජාපයටයි.. මහ ලේකම් සහතික කරයි..
October 13, 2019 at 6:48 pm | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහයෝගය එක්සත් ජාතික පෙරමුණට ලබා දෙන බව විශ්වාසයෙන් පවසන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති උත්සව අපෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ නමුත් මාධ්‍යවේදීන්ට වේලාසනම ඔහු කියා සිටියේ ඇල්පිටිය මැතිවරණ පරාජය ගැන නොවිමසන ලෙසයි.