චන්ද්‍රිකාගේ හිතවතකු වන කැලණියේ ශ්‍රිලනිප සංවිධායක, මෛත්‍රී ජනාධිපතිගේ සම්බන්ධිකරණ ලේකම්ගේ කන පලා ජාතික රෝහලේ.. ජෝන් ඇමති බේරුණේ අනූ නවයෙන්..

October 31, 2017 at 9:55 pm | lanka C news
චන්ද්‍රිකාගේ හිතවතකු වන කැලණියේ ශ්‍රිලනිප සංවිධායක, මෛත්‍රී ජනාධිපතිගේ සම්බන්ධිකරණ ලේකම්ගේ කන පලා ජාතික රෝහලේ.. ජෝන් ඇමති බේරුණේ අනූ නවයෙන්..

පසුගිය මැතිවරණය සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඉවත් කොට ඇයගේ හිතවතකු වු තිලක් වරාගොඩ මහතා කැලණිය සංවිධායක ලෙස පත් කලේය, එහිදි ඔහු පසුගිය අගෝස්තු මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන ලැයිස්තුවේ අඩුම මනාප ගත් අපේක්ෂකයා ලෙස පත්විය.

එමෙන්ම පොලිසිය ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවනගේ IRC ලැයිස්තුවේ මෙම පුද්ගලයා ගේ නම ඇති බැව් ඔහුට විරුද්ධව මැතිවරණයේදි අනිකුත් අපේක්ෂකයන් විසින් චෝදනා කලේය.

කෙසේ වෙතත් ඊයේ පෑලියගොඩ පොලිසියට ලැබුනු පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට ඇත්තේ තිලක් වරාගොඩ කැලණිය ශ්‍රිලනිප සංවිධායක විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන දේශපාලඥයකු වු ප්‍රසිද්ධ පුද්ගලයකුට කැලණියෙදි පහරදි ඔහු ජාතික රෝහලට ඇතුලත් කල බවත් ඔහු ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කල කරුණු අනුව කැලණිය ශ්‍රිලනිප සංවිධායක තිලක් වරාගොඩ ඇතුළු තවත් දෙදෙනකු ජනාධිපති ලේකම්වරයාට පහරදීමක් කොට ඇති බවත් ඒ නිසා ඔහුන් තිදෙනාම කොළඹ අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල බව ලංකාදීප (31) පුවත්පත වාර්තා කොට ඇත.

මෙම සිදුවීමට පෙර තිලක් වරාගොඩ තම හිත්වතකු බැවින් කැලණිය සංවිධායක ලෙස පත් කරන ලෙස පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යි.

එමෙන්ම ඇය මෙවෙනිම තර්ජනයක් ඇහැලියගොඩ ආසනයේදි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ මූණටම කලේය. ඒ පක්ෂය ශක්තිමත් කරන්න කියා හොරු මිනිමරුවෝ ගෙනාවොත් කන පැලෙන්න ගහලා එලවනවා කියා ය.

30 views

4 Comments to “චන්ද්‍රිකාගේ හිතවතකු වන කැලණියේ ශ්‍රිලනිප සංවිධායක, මෛත්‍රී ජනාධිපතිගේ සම්බන්ධිකරණ ලේකම්ගේ කන පලා ජාතික රෝහලේ.. ජෝන් ඇමති බේරුණේ අනූ නවයෙන්..”

  1. Jonaa'S Brother says:

    Yahapaalana Tactics, and Very common symptoms, No worries

  2. රාහුල කොලුවා says:

    කිසිදු බලයක් නැති චන්ද්‍රිකාගේ දැන් හැසිරීම දිහා බලනකොට.. බලයක් තිබුන කාලේ ඇයගේ හැසිරීම කොයි විදිහට තියෙන්න ඇද්දැයි අපට සිතා ගත හැක… වික්ටර් අයිවන් මහගෛ් චෞර රැඡින පොතේ අඩංගු කිසිදු කරුණක් වෙනුවෙන් ඇය උසාවි නොගියේ එහි ඇති කරුණු සත්‍ය නිසා විය හැක….

  3. චන්දදායකයා says:

    ඔව් me පාලන කාලේ. කෙසෙල් හිටවන්නේ පස්සේ.

  4. නිදහස් says:

    හිතට එකගවම බැලුවොත් කැලණියට වැඩක් කරේ මර්වියා තමයි.
    දැන් ඉන්න ශ්‍රිලනිප සංවිධායක වරාගොඩ ලෝක හොරා. මුට ඡන්ද 5000ක් ගන්න බැරිවුනා
    එතකොට ප්‍රසන්න රණවිර, මු ඉන්න ගේ හදල තියෙන්නෙත් රජයේ ඉඩමක් හොරට ලියාගෙන.
    එජාප යෙ පොන්සේකා උගේ ගැන කථාකරල වැඩක්නෑ මෝඩ ප…

Main News