චන්ද්‍රිකාගේ හොට පැටලේ.. සිය කෝටියක් වන්දි ඉල්ලා නාමල් උසාවි යයි…

February 7, 2017 at 8:02 am | lanka C news
චන්ද්‍රිකාගේ හොට පැටලේ.. සිය කෝටියක් වන්දි ඉල්ලා නාමල් උසාවි යයි…

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට එරෙහිව අපහාස නඩුවක් පැවරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කටයුතු කරමින් සිටී.

ඩුබාහිහි බැංකු ගිණුමක ඩොලර් බිලියනයක මුදලක් මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ නමින් ඇති බවත් හැකිනම් තමනට එරෙහිව නඩු පවරන ලෙසත් හිටපු ජනපතිනිය පෙරේදා අත්තනගල්ලේදී පැවති රැස්වීමකදී අභියෝග කර සිටියාය.

මෙම ප‍්‍රකාශයෙන් තමනට අපහාසයක් වූ බව පවසන නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා ඇගේ මෙම චෝදනාව අධිකරණය හමුවේ සාක්‍ෂි සහිතව ඔප්පු කර පෙන්විය යුතු බවත් නොඑසේ නම් තමන් ඉල්ලා සිටින රුපියල් බිලියනයක වන්දි මුදල ගෙවීමට සිදුවනු ඇති බවත් අවධාරණය කරයි.

49 views