චන්ද්‍රිකා කලේ නොහොබිනා වැඩක්.. ඇය අපේ හතුරන් හා එක් වෙලා.. මහින්දගෙන් තදබල නිවේදනයක්..

February 23, 2017 at 3:50 pm | lanka C news
චන්ද්‍රිකා කලේ නොහොබිනා වැඩක්.. ඇය අපේ හතුරන් හා එක් වෙලා.. මහින්දගෙන් තදබල නිවේදනයක්..

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් ජාත්‍යන්තරය ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවලට අවලාද නැගීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විරෝධය පල කරයි.

තම විරෝධය සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජාත්‍යන්තරය ඉදිරියේ අපේ සන්නද්ධ හමුදාවලට අවලාද නැගීම

යුද්ධය නිසා උතු‍රේ වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරා කෑමකට ලක් කරමින්  සිටින බවට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පසුගිය සතියේ කොළඹ විදෙස් ජනමාධ්‍යවේදීන් අමතමින් කල කතාව කාගේත් අවධානයට යොමුවිය යුතුය. යුද කලාපයේ කාන්තාවන් අපේ හමුදාවන් විසින් ලිංගික අපයෝජනයට හා ලිංගිකව සූරා කෑමට ලක් කරනවාය යන්න එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සාමාන්‍ය ක්‍රියා පටිපාටි නොසලකා හරිමින් පිහිටුවන ලද විමර්ශන දෙකකින්ද එනම් 2011 මාර්තු 31 වන දා එලිදක්වනු ලැබූ දරුස්මාන් වාර්ථාවේද 2015 සැප්තම්බර් 16 වනදා එළිදක්වන ලද නවි පිල්ලේ / සෙයිඩ් අල් හුසේන වාර්ථාවේද සාක්ෂි රහිතව නගා තිබූ  ප්‍රධාන අවලාදයක් විය. සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාවේ ‘ස්ත්‍රී දූෂණය හා ලිංගික සූරාකෑම’ යන මැයෙන්  පිටු 10 ක පමණ සම්පූර්ණ පරිච්ඡේදයක්ද තිබුණි. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරය ආරම්භ වීමට දින ගණනක් තිබියදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති හා හිටපු සේනාධිනායිකාව අපේ සන්නද්ධ හමුදා උතුරේ යුද්ධයෙන් වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ලිංගිකව සූරා කන බවට විදෙස් ජනමාධ්‍ය කරුවන් ගෙන්වා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇත.

මෙය මානව  හිමිකම් කවුන්සිලයේ රැස්වීමට පෙර අපේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සිතා මතාම නගන ලද අවලාදයකි. මෙතනදී සිදු වි ඇත්තේ ශ්‍රී ලංකාවේ සතුරන් අපේ සන්නද්ධ හමුදා වලට නගන අවලාද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරිය හා හිටපු සේනාධිනායිකාවද ඒ ආකාරයෙන්ම පැවසීමයි. කුමාරතුංග මැතිනිය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාතික සමඟිය හා සන්හිඳියාව පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියාය. එවන් තනතුරක් දරණ අයෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් කල විට එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් හැටියට ලෝකයට යයි. ශ්‍රී ලංකා යුද හමුදාව කුමාරතුංග මැතිනියගේ අවලාද වලට පිළිතුරු බැඳීමෙන් පලක් නැත. රටේ හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු මෙවන් ප්‍රකාශයක් කල විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ වත්මන් ජනාධිපති හා සේනාධිනායකයායි. වත්මන් ජනාධිපතිවරයා අපේ සන්නද්ධ හමුදා හා ජනතාව වෙනුවෙන් කුමාරතුංග මැතිනිය කල ඒ නොහොබිනා ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෙලා දැකිය යුතු බව හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු වන මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.  එමෙන්ම රජයේ ONUR ආයනයේ ප්‍රධානී තනතුර දරමින් සිටියදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව මේ ආකාරයට අපකීර්තියට පත්කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙවන් තනතුරක් දැරීමට සුදුසු පුද්ගලයෙක්ද  යන්නත් ආණ්ඩුව තීරණය කල යුතුය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

17 views

19 Comments to “චන්ද්‍රිකා කලේ නොහොබිනා වැඩක්.. ඇය අපේ හතුරන් හා එක් වෙලා.. මහින්දගෙන් තදබල නිවේදනයක්..”

  1. jayamal says:

    අහෝ ලක්මවුනි, ඔබට බරක් වූ මේ වෛරී අවාසනාවන්ත ගැහැණිය දිගින් දිගටම මව්බිමට කරන අනවින සහ නස්පැත්ති සම්පූර්ණයෙන්ම නවතා ලීමට දැඩි ක්‍රියා මාර්ග ගත යුතු කාලය එළඹ ඇත. සංහිඳියා නමට මුවා වී මව්බිම පාවා දෙමින් රට බේරාගත් විරුවන් අනතුරේ හෙලන මැයගේ මේ අසත්‍ය ප්‍රකාශ වලට විරුද්ධව දේශප්‍රේමී සැවොම නැගී සිටිය යුතුය. නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවමින් රට කෑලි කෑලි වලට කඩන යමපාලන ව්‍යවස්තා ක්‍රියා දාමයේම තවත් පියවර ලෙසයි මැයගේ මේ ප්‍රකාශ මා දකින්නේ.

    • sayumi says:

      මේ වයිරක්කාර දුෂ්ට ගැහැණිය ගැන මා නම් කතා කරන්නවත් කැමති නෑ ජයමල්. තමන්ගේ ඕනඑපා කම් ඉටු කර ගන්න ඕනෑම නොහොබිනා ජඩ වැඩක් ඇය කරයි. රටට එරෙහිව විතරක්ද තමන්ගේ අම්මට එරෙහිව එතුමිය නොමරා මැරූ විරුද්ධවාදීන් එක්කත් එකතු වුන දුෂ්ට ගෑනියක් නේ.
      ————————————————————-
      ඔබට තුති ජයමල්, මන් අර කතාව බැලුවා. වැඩේ කියන්නේ මේක කිව්වත් හරි පහුවෙනිදා ඉඳන් මේ මයික්‍රෝ මෑන් මිසිංනේ ? මට බයේ හැංගිලාවත්ද ….? හොඳයි ආපු දවසක මන් අල්ල ගන්නම්කෝ. මට කෙසේ වෙතත් , අපේ පවර් සොයුරාටත් බොරු කටකතා හදන එකට නම් සමාව දෙන්ඩ බෑමයි.

      පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශකත් පොඩ්ඩක් බලන්න.

    • asaranaya says:

      මම හමුදාවෙ ලොක්කෙක් නම් ඇනිබලාව අඹරනවා පඹයට චුරු පනින්න.
      හිටන් ලොක්කා ඇනිබලාට බය පාටයි,
      රෑට රෑට අම්ඹේකිස්සේ යන පාටයි,
      පින්ගුත්තර කඩුවෙන් කොටනා පාටයි,
      අනේ මෙහෙම පඹයෙක් ලොව නැති පාටයි.

  2. සයු රි says:

    මේ බැල්ලිගෙ එකම විනෝදාංශය විස්කි බොන එකයි, සිංහල බෞද්ධ ජනතාවට
    සහ වීරෝදාර හමුදාවට අපහාස කිරීමයි විතරයි.

  3. RANABAHU says:

    චන්ඳ්‍රිකා එදත් කලේ නොහොබිනා වැඩය.අද කරන්නෙත් නොහොබිනා වැඩය​.ඒ ජම්මෙට වඩා පුරුද්ද ලොකු නිසාය​.වත්මන් සේනාධිනායකයා ඇය ඉදිරියේ නිරුත්තරය​.ඒ ගිවිසුම් ප්‍රකාරව නොකර සද්ද ඉන්නට වූ පොරොන්දු පරිදිය​.නිල නොලත් නායක රනිලයන්ට හමුදා නිල ඇඳුම් අරහංය​.බුද්ධි අංශ වහ කදුරුය​.සාධාරණ සමාජය හදන්නට ඩොලර් වන්දනාවේ යන ආචාරී මහාචාරීන් හා උන්ගේ පශ්චාත් භාගයේ එල්ලී ඉන්නා අතවැස්සනට විස්කි වන්දනාවේ යන චන්ඳ්‍රිකා වීරවරියක්මය​.ෆෙඩරලය පිළිසිඳ ගත් චන්ඳ්‍රිකාවෝ සූර් වූ විට කෙලින මඤ්ඤං රටටම විහිළුවක් වී හමාරය​.මේ කාණ්ඩය එදත් කලේ රට පාවාදී සන්තෝශම් ලබා ගැනීමය​.අද කරන්නෙත් ඒ දේමය​.ලෝකයම දිනා ගන්නට රට ජාතිය පාවා දෙනවාට වඩා ගලක් බැඳගෙන මූදේ පැන්නා නම් මීට වඩා හොඳය​.

  4. dert says:

    ගොලිකරණ මාෆියාවේ පිහිටෙන් සත්‍යයෙන් අඩක් නිරාවරණය වන සමාජයක මොඩයින්ව නූවණක්කාරයින් ලෙස අන්දන්න බටහිර බලවේග වලට පුළුවන්වෙලා. ජනතාවට නිසි නායකත්වය දීමට අසමත් නායකයින්ට ඕනේ සුද්දාගෙන් චරිත සහතික ගන්න, හැබැයි මොවුන් ජනතාව ඉදිරියේ තමන්ගේ නිරුවත ප්‍රදර්ශනය කරනවා මේ සියල්ලම ගොලිකරණ මාෆියාව ඉදිරියේ ව්‍යාකුල සංස්කෘතිය හා සත්‍යය නිසි ලෙස තෝරාගැනීමට අසමත් මෝඩ දේශපාලනය නිසා.

  5. wije says:

    Oya manussayage son (Puta) eyat kiwwe oyatimamane. eya laankikayek kiyannat lajjai kiwane LTTE film eka balala. Ethin oya okkoma ekama walle pol tama. Lankawa vinaasa karanna epadicha kaalakanni.

Main News