චන්ද්‍රිකා කලේ නොහොබිනා වැඩක්.. ඇය අපේ හතුරන් හා එක් වෙලා.. මහින්දගෙන් තදබල නිවේදනයක්..

February 23, 2017 at 3:50 pm | lanka C news
චන්ද්‍රිකා කලේ නොහොබිනා වැඩක්.. ඇය අපේ හතුරන් හා එක් වෙලා.. මහින්දගෙන් තදබල නිවේදනයක්..

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් ජාත්‍යන්තරය ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවලට අවලාද නැගීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විරෝධය පල කරයි.

තම විරෝධය සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජාත්‍යන්තරය ඉදිරියේ අපේ සන්නද්ධ හමුදාවලට අවලාද නැගීම

යුද්ධය නිසා උතු‍රේ වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරා කෑමකට ලක් කරමින්  සිටින බවට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පසුගිය සතියේ කොළඹ විදෙස් ජනමාධ්‍යවේදීන් අමතමින් කල කතාව කාගේත් අවධානයට යොමුවිය යුතුය. යුද කලාපයේ කාන්තාවන් අපේ හමුදාවන් විසින් ලිංගික අපයෝජනයට හා ලිංගිකව සූරා කෑමට ලක් කරනවාය යන්න එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සාමාන්‍ය ක්‍රියා පටිපාටි නොසලකා හරිමින් පිහිටුවන ලද විමර්ශන දෙකකින්ද එනම් 2011 මාර්තු 31 වන දා එලිදක්වනු ලැබූ දරුස්මාන් වාර්ථාවේද 2015 සැප්තම්බර් 16 වනදා එළිදක්වන ලද නවි පිල්ලේ / සෙයිඩ් අල් හුසේන වාර්ථාවේද සාක්ෂි රහිතව නගා තිබූ  ප්‍රධාන අවලාදයක් විය. සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාවේ ‘ස්ත්‍රී දූෂණය හා ලිංගික සූරාකෑම’ යන මැයෙන්  පිටු 10 ක පමණ සම්පූර්ණ පරිච්ඡේදයක්ද තිබුණි. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරය ආරම්භ වීමට දින ගණනක් තිබියදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති හා හිටපු සේනාධිනායිකාව අපේ සන්නද්ධ හමුදා උතුරේ යුද්ධයෙන් වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ලිංගිකව සූරා කන බවට විදෙස් ජනමාධ්‍ය කරුවන් ගෙන්වා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇත.

මෙය මානව  හිමිකම් කවුන්සිලයේ රැස්වීමට පෙර අපේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සිතා මතාම නගන ලද අවලාදයකි. මෙතනදී සිදු වි ඇත්තේ ශ්‍රී ලංකාවේ සතුරන් අපේ සන්නද්ධ හමුදා වලට නගන අවලාද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරිය හා හිටපු සේනාධිනායිකාවද ඒ ආකාරයෙන්ම පැවසීමයි. කුමාරතුංග මැතිනිය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාතික සමඟිය හා සන්හිඳියාව පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියාය. එවන් තනතුරක් දරණ අයෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් කල විට එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් හැටියට ලෝකයට යයි. ශ්‍රී ලංකා යුද හමුදාව කුමාරතුංග මැතිනියගේ අවලාද වලට පිළිතුරු බැඳීමෙන් පලක් නැත. රටේ හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු මෙවන් ප්‍රකාශයක් කල විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ වත්මන් ජනාධිපති හා සේනාධිනායකයායි. වත්මන් ජනාධිපතිවරයා අපේ සන්නද්ධ හමුදා හා ජනතාව වෙනුවෙන් කුමාරතුංග මැතිනිය කල ඒ නොහොබිනා ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෙලා දැකිය යුතු බව හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු වන මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.  එමෙන්ම රජයේ ONUR ආයනයේ ප්‍රධානී තනතුර දරමින් සිටියදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව මේ ආකාරයට අපකීර්තියට පත්කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙවන් තනතුරක් දැරීමට සුදුසු පුද්ගලයෙක්ද  යන්නත් ආණ්ඩුව තීරණය කල යුතුය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

110 views

19 Comments to “චන්ද්‍රිකා කලේ නොහොබිනා වැඩක්.. ඇය අපේ හතුරන් හා එක් වෙලා.. මහින්දගෙන් තදබල නිවේදනයක්..”

  1. හින්බබා සියා says:

    ගොරගොල්ලේ ලමාතැනිගේ කෙරුවාව ගැන කවර කතාද මහින්ද මහතාණෙනි
    පාළුය හැම අත හිරු නො එන මග තොට
    නොදකිමි සුභ ඵල සුව දෙවන සිතකට
    අනුන්ගේ දොස් දැක, හුවා දක්වන සඳ
    මහත්‍ යැයි පෙන්වන තමන්ගේ ගුණ කඳ

    සිතුවිලි දෝස් මුර නැග එයි මහ හඬින
    කරට ගත් කුණු පොදි එල්ලාගෙන සිටින
    අනුන් රෙදි සෝදමින් මඩේ ලා වේලන
    තරම් නොම වේ මිනිස් සිත් මඩින

    • wijebahu says:

      Mahinda is good at taking a one or two words from a opponents speech and exploit. this is all he had been doing when he was ruling to create a bogus patriotism.

  2. සුදුපරවියා says:

    වසර තිහක් පුරාවට දහස් ගණනක් හමුදා විරුවන්ගේ සහ අහිංසක සිවිල් ජන ජීවිත විනාශයකින් පසුව දිනාගත් මව්බිමේ නිදහස යළිත් වරක් බෙදුම්වාදය ඉදිරියේ දියකරමින් ද්‍රවිඩ බෙදුම්වාදය ළග දණ නැමූ වත්මන් පාලනයේ නිවට, නියාලු, දුර්වල නොහැකියාව රට ඉදිරියේ පෙන්වූ සිරිසේන සමගින් එක්වී චන්ද්‍රිකා කරන්නේ දෙමල LTTE ඩයස් පෝරාවේ ඩොලර් වලට රට ජාතිය පාවාදීමට කටයුතු කිරීමයි යුද්ධයේ ජයග්‍රාහකයින් නැතිය කියමින් කොටි ත්‍රස්ථවාදීන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළමින් එන්.ජී.ඕ. පරයන් සමග නිදිවදින මේ කපටි ගැහැණිය අපේ ත්‍රිවිඩ හමුදාවට කරන්නේ විශාල අපකීර්තික් විනාශයක් තර්ජනයක් අසාධාරණයක් ..සිංහලයින් සියලු දෙනාම මේ අසාධාරණ බොරු චෝදනා වලට එරෙහිව පාරට බැසිය යුතුයි යහපාලනයෙන් අපේ
    හිටපු ජනාධිපති කුමාරතුංග විසින් ජාත්‍යන්තරය ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවලට අවලාද නැගීම අපි තරයේ හෙලා දකිමු එය අසත්‍යක් නිසා ඇයට විරුද්ධව නිතිය ක්‍රියා කරනු
    ආරක්ෂක හමුදාවට සාධාරණයක් ඉටු නොවේ ජනතාව ආරක්ෂක හමුදාව රැකගැනීමට කටයුතු කලයුතුයි බලාසිටීමට කාලයක් නැත තිස්වසරක් පුරාවට ලක්මව ලෙයින් තෙත්කල රුදුරු කොටි ත්‍රස්තවාදය පරාජය කර දේශය විජයග්‍රහණය කල අපේ උතුම් විරෝධාර රණවිරුවන්ට විරුද්ධව බොරු චෝදනා කරන චන්ද්‍රිකා නම්වූ මේ දේශද්‍රෝහී කාන්තාවගේ ප්‍රජා අයිතිය අහෝසි කර අපේ රටින් වහාම පිටමං කල යුතුයි ..සිංහල මිනිසුනේ අවදි වේව් අපේ රණවිරුවන් වෙනුවෙන් පෙරට වරෙව් මාතෘ භූමියේ උත්තම නිදහස වෙනුවෙන් අවසන් සටනේ ජීවිත පරිත්‍යාග කළ විසි හත්දහසක්වූ ලක් මවගේ උදාර විරු පුතුන්ටත්, එදා මෙදාතුර දිවි පිදූ, සදාකාලික ආබාධිතයන් වූ විරුවන්ටත්, දෙස් විදෙස් සතුරු බළමුළු හමුවේ අභීතව නැගී සිටිමින් මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, යුධ ජයග්‍රහණයේ නිහඩ නියමුවා වූ ගෝඨාභය රාජපක්ෂ සෙන්පතිදුන්ටත්, ජෙනරල් සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, සරත් වීරසේකර ප්‍රමුඛ යුද්ධයට අණ දුන් වීරෝධාර සෙන්පතිවරුන්ටත්, ත්‍රස්තවාදය, බෙදුම්වාදය ඉදිරියේ නිවටව සිටි ජාතියට, පන්නරය දී යුධ ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය නායකත්වය මෙහෙයවූ ජාතිකවාදී දේශපාලන බලවේග සහ දේශහිතෛහී ජාතික බලවේගවලටත්,
    ජාතියේ උපහාරය වේවා !

  3. sama says:

    Remember sir, he is the “doratupalaya” who became the king, no point in telling him cause he doesn`t care; “ශ්‍රී ලංකා යුද හමුදාව කුමාරතුංග මැතිනියගේ අවලාද වලට පිළිතුරු බැඳීමෙන් පලක් නැත. රටේ හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු මෙවන් ප්‍රකාශයක් කල විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ වත්මන් ජනාධිපති හා සේනාධිනායකයායි.”

    • යසපාලිත says:

      දොරටු පාල හිටං මොන හේතුවකටවත් බටකොල ආච්චිගෙ ප්‍රකාශය හෙලා දකින්නෙ නැහැ.
      එකක් මිනිහා ආච්චිට පරාන බයයි.
      අනික එහෙම කරන්ඩ තරම් කොන්දක් මිනිහට නැහැ.

  4. Bobby Pereira says:

    What can you expect from this drunkard wel paasi?

  5. sky says:

    NO Worries Hon .Mahinda …worry is total waste of time .It does ‘t change anything The country needs someone with experience and determination to make tough decisions. once you did it you can do it again We can win ..People who work together will win BUT to win the war on terro , We must know who our friends and where our enemies are hiding We can protect our War heroes if we fight for our values then we will win ..
    Are you ready to fight against Yahapalanaya & LTTE TERRORISM again ? We are with you
    Truth is powerful and it prevails.

  6. බන්ඩයියා says:

    සියයට සියයක්ම මහින්ද මැතිතුමාගේ පුකාශය සමග එකඟය්.

  7. Deshapriya says:

    beela kiyanna athi

  8. Jerome Hanz says:

    Great Sir, Well Done.

  9. ruwan says:

    ane palayan ban yanna… baluwada serama karala dan enawa baba wenna…

  10. fernando says:

    Well said sir