චන්ද්‍රිකා මගේ වැඩ අවුල් කරනවා – ජනපති

February 18, 2017 at 3:50 pm | lanka C news
චන්ද්‍රිකා මගේ වැඩ අවුල් කරනවා – ජනපති

තමන්ගේ ඇතැම් වැඩ කටයුතු හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවුල් කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

හිටපු ජනපතිනිය විසින් ශ‍්‍රිලනිප ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් සංවිධානය කර තිබූ වැඩමුළුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවේ විරෝධය පල කල මැති ඇමති පිරිසක් හමුවේ ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

අදාල වැඩමුළුවේදී එජාප මන්ත‍්‍රීවරයෙකු ලවා ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ට දේශණයක් පැවැත්වීමට කර තිබූ සැලසුම සම්බන්දයෙන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ජනාධිපතිවරයා හමුවේ දැඩි අප‍්‍රසාදය පල කර ඇතැයිද සදහන්ය.

40 views
Main News