චන්ද්‍රිකා මානසික වෛද්‍යවරුන් හමුවේ..

March 6, 2017 at 4:40 pm | lanka C news
චන්ද්‍රිකා මානසික වෛද්‍යවරුන් හමුවේ..

මානසික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරිම පිළිබදව විශේෂ සාකචිඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙහිදී මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුම් ලබාදීම සහ මානසික සෞඛ්‍ය සේවාව ග්‍රාමිය ප්‍රදේශවලට ව්‍යාප්ත කිරිම පිළිබදව අවධානය යොමු කෙරිනි. මානසික සෞඛ්‍ය සේවාව පිළිබදව වෛද්‍යවරුන්ට සහ හෙද නිලධාරින්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ද තීරණය කර ලද අතර, පළමු අදියර යටතේ හෙද නිලධාරීන් 100 කට පුහුණුවක් ලබාදීමට නියමිතය. යෝජිත හෙද විශ්ව විද්‍යාලයට බඳවා ගන්නා සිසුන්ට ද මානසික රෝග පිළිබද පුහුණුවක් ලබාදීමට ද මෙහිදී තීරණය කෙරුනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ( වෛද්‍ය සේවා I) ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ඇතුලු මානසික විශේෂඥ වෛද්‍යවරුන් ද එක්ව සිටියහ

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

218 views
Main News