චන්ද්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? මන්ත‍්‍රීන් 20-21ක් සමගින් එජාප ආණ්ඩුවට..

December 30, 2018 at 9:20 am | lanka C news
චන්ද්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? මන්ත‍්‍රීන් 20-21ක් සමගින් එජාප ආණ්ඩුවට..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විස්සක් හෝ විසි එක් දෙනෙකු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක් කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එම කණ්ඩායම සඳහා නායකත්වය දෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමටද සැලසුම් කර ඇති බවත් එම ආරංචි මාර්ග වාර්තා කරයි.

හිටපු ජනාධිපතිනිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආණ්ඩුවට එක්වන එම කණ්ඩායමට සහයෝගය දෙනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

කෙසේ නමුත් ඇයට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒම සඳහා ඉල්ලා අස්වන්නේ කවුදැයි මෙතෙක් සදහනක් නැත.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකු මේ දිනවල සිය සැලසුමට පෙර ආසන මට්ටමින් පාක්‍ෂිකයන් කැදවා මත හදමින් යමින් සිටී.

233 views

36 Comments to “චන්ද්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? මන්ත‍්‍රීන් 20-21ක් සමගින් එජාප ආණ්ඩුවට..”

  1. taagamikaya says:

    Upul you are absolutely correct. When her period she didn’t do any work in time. Actually she had no proper plan to rule the country. Every time she was late. Then we don’t want like these woman. Chandi you go home and rest. You are too old for politics.

  2. buruputha says:

    SLFP ekata avashya Mara parakayakda? Ase Nam Chandrikata nayakathvaya denna.

Main News