චන්දිමාල් හෙළුවෙන් ස්නානය කරනු.. තිසර ඔඵුවෙන් සිට නානු.. දික්වැල්ල නොබී ඉනු.. තරංග දකුණෙන් ඇදෙන් බසිනු.. අද තරගය දිනන්න මෑණියෝ ශ්රි ලංකා පිලට උපදෙස් දෙයි..
December 13, 2017 at 9:20 am | lanka C news
සංචාරක ශ්රී ලංකා පිල සමග අද පැවැත්වෙන දෙවැනි එක්දින තරග ජය ගැනීමට ගණපති තුමාගේ ආශිර්වාදය ලබා ගැනීම නම් කල යුතු පිලිවෙත් කිහිපයක් ගංගා සුදර්ශනී මෑනියෝ විසින් සිය ෆේස් බුක් පිටුවේ දක්වා ඇත.
පසුගිය තරගාවලි වලදීදද ඇය සදහන් කර සිටියේ දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්රිඩකයන්ට තමන් ආශිර්වාද කල බවත් ඇමති දයාසිරි ජයසේකර විසින් ඔවුන් තමන් වෙත යොමු කල බවත්ය.
මෙවර ඇය විසින් තබා ඇති සටහන අනුව අද තරගය ජය ගැනීම නම් දිනේෂ් චන්දිමාල් නිරුවතින් ස්නානය කල යුතු වන අතර තිසර පෙරේරා ඔළුවෙන් සිට ස්නානය කල යුතුයි.
නිරෝෂන් දික්වැල්ලගේ බීමත්කම හැම දේරම ගැටළුවක් යයිද සදහන් කරය ඇය උපුල් තරංග දකුණු පසින් ඇදෙන් බැසිය යුතු යයිද සදහන් කර ඇත.
ඇය විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
– ඕම් ගනේෂාය නමහ
මීළග තරගයත් අපිට වාසි වෙන්න පිටිය සකසන න්වජාඩ් සිදූට ශක්තියක් වෙන්න ගණපති තුමා පොරොන්දුවක් උනා.
චන්දිමාල් පුතා අද නිර්වස්ත්රව ස්නානය කලයුතුයි..තිසර පුතා ඔලුවෙන් හිටන් ස්නානය කල යුතුයි..
දෙහි ගෙඩි 12ක් පානය කල යුතුයි.දික්වැල්ල පුතා ගේ බීමත් කම නම් මේ හැම දේටම ගැටලුවක්..නමුත් උත්සාහ කරමු..තරංග පුතා දකුණු පසින් ඇදෙන් බැසිය යුතුයි.
මේ සියල්ල සිදු වූ වහාම මැනේජර් තුමා මට දැනුම් දෙයි..අපි ගණපති කාලි පුජාව කරමු..
කෝලි පුතා අනුශ්කා ශර්මා සමග විවාහ වීම හෙතුවෙන් කාලි මෑණියෝ ඔහු සමග අමනාප වී ඇතිබවද එබැවින් අද තරඟය ශ්රි ලංක කන්ඩායම ජයග්රහනය කරන බවද කාලි මෑණියන් විසින් මා හට පවසා සිටියා..
ජෑ කාලී මා
– FB
යකොව්…මම හැමදාම හෙළුවෙන් නානවා…. නිදැල්ලෙ යනපන්දුවක් වත් මගෙ පිත්තෙ වදින්නෙ නැහැනෙ…
හෙලුවෙන්ම ගැහුවා නම් බෝලවත් අල්ලන්න තිබුනා. පිත්ත වැඩක් වෙලා නෑ.පිස්සු පයිත්තියන්.
INDIA 394/4
Sri Lanka 191/7
කාලි බලය හේතු කොටගෙන හින්දු ජාතිකයන් මිලියනයක් පමණ එකට එකවි වසර 5 කට වතාවක් සිදු කරන මෙම පාරම්පරික උත්සවය සතුට ගෙන දෙන බවට අදටත් ඔවුන් විශ්වාස කරයි. මෙය අඳහා ගැනීමට බැරි පුදුමයකි. අන්ධ විශ්වාස යකි.
මේ තරම් වටිනා බුද්ධ දර්මයක් තියෙද්දී, තිසරණයේ පිහිට ලබන්නේ නැතුව, දේවාල වලට ගිහින් පිහිටක් යදින එකනම්, බෞද්ධයෝ විදිහට කනගාටු විය යුතුයි.
ලෝකේ මැවුවේ දෙවියෝ නෙවේ කියපු එකම ආගම බුද්ධාගම. බුදු හාමුදුරුවෝ කිව්වේ තමාට පිහිට තමාමය කියල. ඕක ගොඩක් මිනිස්සුන්ට දිරවගන්න බෑ. බෞද්ධ වුනත් ඕක දිරවගන්න බැරි වුන එවුන් තමයි ඒ කාලේ පන්සල එහාපැත්තෙ කුලියට දේවාලයක් ගහල , අල්ලපු රටේ හොදට වැදුම් ලබපු හින්දු දෙවිවරු ටිකක් ඉම්පෝට් කරේ. දැන් ඒ කට්ටිය යස අගේට බුදු හාමුදුරුවන්ට එහා පැත්තේ සම අසුන් අරන් ඉන්නවා. නිකන් නෙවේ, කකුල පිට කකුල් හිටන් දාගන. අර “තමාට පිහිට තමාමය” කියපු බුදු වදන දිරවගන්න බැරි වුන බෞද්ධයෝ ඔක්කොම මෙයාලගේ පිහිට පතනවා. පිහිට පතන්නේ නිකන්ද? එයාලට පලතුරු දෙන්න ඕනේ, කපුවන්ට පඩුරු දෙන්න ඕනේ. දේවාලේ දියුණු කරන්න ආධාර කරන්න ඕනේ. කාලි අම්මට නම් රත්තරනුත් දෙන්න ඕනේ. වැඩියෙන් දුන්න තරමට දෙවි පිහිට වැඩියෙන්.
තව එකක්. අහල ඇති නේද ඉස්සර ග්රීක දෙවිවරු ගැන. සියුස් , වීනස් , මාස් කිය කිය කියා ඉන්නෙ කතාවල. මෙදුසා කියල නයි ඔලුවක් තියන දෙවගනකුත් හිටිය වගේ මතකයි. එතකොට ඊජිප්තු දෙවිවරු මතකද? රා කියල රාජාලි ඔලුවක් තිබ්බ දෙවියෙක් හිටිය ඔන්න. එතකොට වයිකින් දෙවිවරු ගැන අහල තියනවද? තොර් ෆිල්ම් එකේ ඉන්නේ උන් තමයි. දැන් ටිකක් උන්වයි හින්දු දෙවිවරුන්වයි එකට තියපන්. අරකට අධිපති දෙවියන්, මේකට අධිපති දෙවියන් කියල ඉන්නවා නේද හැම දෙවි සෙට් එකේම. උනුයි මුනුයි එකයි නේද ? එත් උන් ගැන කියන කතා අපි විස්වාස කරන්නේ නැහැ නේද? තොර්ට මිටියක් තියනවා , ඌ එකෙන් ගැහුවම අකුණු ගහනවා. මෙදුසා දිහා බැලුවම ගල් වෙනවා. එතකොට හර්කියුලිස් අපායේ ටුවර් එකක් ගියා. එකෙන් පස්සේ උව දිව්යලොකෙට ගත්ත.
ඒ ග්රීක,ඊජිප්තු , වයිකින් දෙවිවරු ගැන තියන කතා සුරංගනා කතා , බොරු කතා, මිත්යා මත කියල දැන් අපි කියනව නේද. එත් ඒකාලේ මිනිස්ස්සු නොදැනුවත් කමට ඕව විස්වාස කළා. දැන් බලපන් හින්දු දෙවී වරුන් ගැන තියන කතා. එවත් මේවට ගොඩක් සමානයි නේද? කතරගම දෙය්යන්ට අත් දොළහක් තියනවලු, අලි ඔලුවක් තියන ගණ දෙය්යෝ පොරගේ මල්ලිලු. අර ග්රීක , එජිප්තු දෙවි කතා , මිත්යා මත කියල අයින් කරපු අපිම ඒහා සමාන කතන්දර හින්දු දෙවියන් ගැන කියද්දී කට වහගන , ඕනේ එකක් විස්වාස කරගන , දෙවියන්ට අපහාස කොරොත් කෙලවෙයි කියල ඉන්නවා.
මෑණියන්ට හෙළුවෙන් නාන්න කියල අපිට ඕන නම් කියන්න පුළුවන්.ඒත් වැඩක් වෙන්නෙ නැහැ,උන්දැ දැන් වයසයි?
Our whole team should be hung from their balls for the pathetic performances during the year through.
හෙළුවෙන් නෑම කොහොම උනත් අපේ උන් පිට්ටනිය මැද්දේ සෙල්ලම් කොරන්නේ නම අමු හෙළුවැල්ලෙන් බව ඊයේ ගහපු මැච් එකෙන්ම පෙනුනා..හාඳ?…
ජෑ කාලී මා 😀