චන්ද‍්‍රිකාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි ප‍්‍රහාරයක්.. සජිත් වෙනුවෙන් ලග ලගම හොරගල් අහුලයි..

October 15, 2019 at 10:13 pm | lanka C news
චන්ද‍්‍රිකාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි ප‍්‍රහාරයක්.. සජිත් වෙනුවෙන් ලග ලගම හොරගල් අහුලයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණයේදී ගෙන ඇති ස්ථාවරය සම්බන්ධයෙන් එම උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විරෝධය පල කරයි.

වත්මන් ශ‍්‍රීලනිපය නායකත්වයට දැඩිව චෝදනා කරමින් ඇය විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

”මා ආදරණීය සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනි ! මිත්‍රවරුනි !

අප සියලු දෙනාගේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අදූරදර්ශී නායකත්වය නිසා පක්ෂය සහ පාක්ෂිකයා දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ, පක්ෂය වෙනුවෙන් මෙතෙක් කල් බොහෝ කැපවීම් කළ ඔබ ව ආමන්ත්‍රණය කිරීම මාගේ බලවත් යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමි. ඒ, දශක ගණනාවක් පුරා ඔබත් සමග අපගේ පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ මා, උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ දරන මතය කුමක් ද ? යන්න පිළිබඳ ඔබ විශාල උනන්දුවකින් සහ උද්යෝගයකින් පසු වන බව දන්නා බැවිනි.

අපගේ ආදරණීය පක්ෂය වසර 68ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන දේශපාලන පක්ෂයකි. ඒ, නිදහසින් පසු අප රටේ වැඩිම කාලයක් පාලන බලය හෙබ වූ පක්ෂය වන නිසා ම නොව, අධිරාජ්‍ය ගැති පාලනයන් විසින් මාතෘ භූමියේ සැබෑ උරුමක්කාරයන් බැඳ දමා තිබුණු යදමින් සහ රැහැනින් ඔවුන් ගලවා ගැනීමට නායකත්වය ලබා දුන් දේශපාලන පක්ෂය ද වන බැවිනි. අප පක්ෂයට එසේ වැඩිම කලක් රාජ්‍ය බලයේ රැඳී සිටීමට හැකි වූයේ අප පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් නිදහස සහ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටිය බැවිනි. අප පක්ෂය බණ්ඩාරනායකවරුන් යටතේ පාලනය වූ වසර 54ක කාල සීමාව තුළ කිසිදු විටෙක මිනී මැරුම් සිදු නොකෙළෙමු. ජනතාවගේ වත්කම් සොරකම් නොකළෙමු. සෑම විටෙම රාජ්‍ය පාලන කටයුතු විනිවිද භාවයකින් යුතු ව කිරීමට කැප වී සිටියෙමු.

දේශීය ආර්ථිකය නඟා සිටුවා මෙරට පොදුජන හිතෛශී ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය පාලනය සඳහා අනුගමනය කරනු ලැබුවේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් විසිනි. අපි අගමැතිවරු බිහි කළෙමු. ජනාධිපතිවරු බිහි කළෙමු. පොදු ජන නායකයින් බිහි කළෙමු. මෙරට වරප්‍රසාද නොලත් පොදුජනතාව ආර්ථිකමය වශයෙන්, දේශපාලනික වශයෙන් මෙන් ම අධ්‍යාපනික වශයෙන් ද සන්නද්ධ කිරීමට කටයුතු කළෙමු.

එවැනි සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසින් පසු පැවැත්වූ සියලු මැතිවරණවලට ඉදිරිපත් විය. එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට තව නොබෝ දිනකින් මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට පැවැත්වෙන තීරණාත්මක ජනාධිපතිවරණය සඳහා අප පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්නට නොහැකි වී තිබේ.

ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ හතෙන් හතරක් ඍජුව ජයග්‍රහණය කර ගැනීමට අප පක්ෂයට හැකි විය. 1994 පැවති තුන්වන ජනාධිපතිවරණයේ දී වසර 17කට පසුව පක්ෂයට රාජ්‍ය බලය ලබා දී ලෝකයේ ජනාධිපතිවරණයක දී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගත් නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු බිහි කිරීමට ද අප ආදරණීය පක්ෂයට හැකි විය. එවැනි ප්‍රතිශතයක් ලබා ගත් අනෙක් ලෝක නායකයා වූයේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ය. ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ ජනාධිපතිවරණ තුනෙන් 2015 පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයන් වූයේ අප පක්ෂයේ ම ලේකම් සහ සභාපතිවරයා යි. එහිදී පක්ෂ ලකුණ සභාපතිවරයා සතු වුව ද පක්ෂ ප්‍රතිපත්ති සහ සැබෑ පාක්ෂිකයා සිටියේ පක්ෂ මහලේකම්වරයාගේ පාර්ශවයේ ය. ඒ අනුව ගත් කල අප පක්ෂය පරාජයට පත් වූයේ ජනාධිපතිවරණ දෙකක් පමණි.

එවැනි ජයග්‍රාහී පක්ෂයක පසු කාලීනව නායකත්වය ලබා ගත් අඥාදායක නායකයකු පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේ දී මෙරට පොදු ජනතාව ජීවිත අවදානම් නොතකා නායකත්වය ගත්ත ද, හැට දෙලක්ෂයක ජනවරමින් බලයට පත්වූ නායකයා තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී තිබේ.

පක්ෂ නිර්මාතෘවරයාගේ සිට බිම් මට්ටමේ සමාජිකයන් දක්වා පක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනකගේ ජීවිත පවා පූජා කොට රැකගත්, පක්ෂ ක්‍රියාකාරිකයින් ලක්ෂ ගණනකගේ ලේ, කඳුළු, දහදියෙන් පෝෂණය වූ පක්ෂය අද වන විට පත් ව තිබෙන ඉරණම පිළිබඳ සිත් යොමු කරන සෑම මොහොතක ම, ඔබගේ මෙන් ම මගේ හදවත ද නිහඬව වැලපෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වංචනිකයන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින්ගෙන් සමන්විත පක්ෂයක් නොවේ. එය මෙරට තැලෙන පෑගෙන පොදුජනතාවගේ පක්ෂයයි. ජාතිවාදය, ආඥාදායක්ත්වය, මර්දනය, සොරකම, අවනීතිය රජකරන යුගයකට රට නැවත තල්ලු කිරීමට කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු සූදානම් නොමැති බව මම දනිමි.

අප පක්ෂය අතීතයේ සිට ම ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් ම අගය කළ පක්ෂයකි.පක්ෂ නිර්මාතෘවරයා තම ජීවිතය පූජා කළේ ද, සිරිමවෝ බණ්ඩාරනායක මැතිනිය අනේක විද නින්දා අපහාස දුක්ගැහැට වින්දේ ද, ඔබ වැනි ම අහිංසක සැබෑ පාක්ෂිකයන් දහස් ගණනක් ජීවිත පූජා කළේ ද ඒ වෙනුවෙනි.

එබැවින් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 95% කගේ විරෝධය නොතකා ඉතා අතලොස්සක් වන අවස්ථාවාදී නායකයන් පිරිසකගේ පෞද්ගලික බලලෝභී අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන්, පක්ෂයේ සදාදරණීය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දහ නව වන ගුණානුස්මරණය යෙදී තිබූ ඉකුත් ඔක්තෝබර් 10 වන දින දී ම, පක්ෂය ගිවිසුමක් මගින් කුමන්ත්‍රණකරුවන් පිරිසකට පවරා දී, පක්ෂය විනාශ කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වීමට ඉඩ නොතැබිය යුතු ය. ඒ සඳහා ඔබ සියලු දෙනා එළඹෙන ජනාධිපතිවරණයේ දී වඩාත් බුද්ධිමත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

වසර 17ක් පුරා ඔබ අප සියලු දෙනා විඳි අප්‍රමාණ හිරිහැර පීඩාවලින් මිදී අසරණව සිටි පක්ෂය වඩාත් ජව සම්පන්නව ජයග්‍රහණය කිරීමට 1994 දී නායකත්වය ගත්තාක් මෙන්, මේ තීරණාත්මක අවස්ථාවේ දී ද අප පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන පක්ෂය රැක ගැනීම වෙනුවෙන් ඔබ විසින් හුදකලාව ආරම්භ කර තිබෙන සටනට ඔබට සහයෝගය ලබා දෙමින් පක්ෂය රැක ගැනීම සඳහා දිවිහිමියෙන් කැපවන බව ද නිබඳව ප්‍රකාශ කරමි.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය!
ඔබට ජය!
අප රටේ අනාගත පරපුරට ජය!

මීට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සදා ලැදි,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

57,545 Viewers

30 Comments to “චන්ද‍්‍රිකාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි ප‍්‍රහාරයක්.. සජිත් වෙනුවෙන් ලග ලගම හොරගල් අහුලයි..”

  1. UNP GAL IBBA says:

    කුජීත දේෂපාලුවන් ගොඩනැගිගෙන ආ රට වලපල්ලට ඇදදැමූ මූසල වසලයෝ මේ බටකොල ආච්චිගේ අන්තිමකාලය​????

    • හොරගොල්ල ස්මාරකය says:

      රණවිරු අපහසය කළේ මැය මිස්ට ප්‍රබා කියා
      රටින් පැන්නාය දූදරුවන් ලඟටම එහෙම කියා
      හොරගොල්ල ස්මාරකය කරපු අවමානය කියා
      පක්‍ෂය හැඳිගාල දියකලා අත සොහොනෙ කියා

      • gadol says:

        හොරගොල්ලේ දසයා ට ලමාතැනිගෙන් ප්‍රහාරයක් ලැබීම පුදුම වීමට හේතුවක් නොවේ …
        බලය ලබා ගැනීමට චෞර රැජිනගේ දෙපා ලෙවකෑ හිටං අද ගල උඩ පහරපු බළලා වගේ

    • ගුණසිරි says:

      මේ එකිගේම ගමේ, අත්තනගල්ලේ උනුත් හූ කියල එලවා ගත්තු මුළු ලංකාවටම් එපා වුනු මෝඩ මූසල බටහිරට කඩේ යන ජාතිය පාවාදෙන අවජාතක පරට්ටි කියන දේ ඇහුවොත් මයීත්‍රීට සදහටම දේශපාලනෙන් සමුගන්නම වෙනවාම්යී එකාන්තයී ප්‍රත්‍යක්ෂ්‍යී.

  2. SL says:

    සඡීත් කතා කරන ගමේ ඡනසවී ඉල්වන සෙට් ඵකට මහින්ද ගෙ පැත්තෙනුත් කතාකරන්න ඕනෙ.සඡීය නියමෙට කැරට් බෙදනව

  3. Osmand says:

    රැවටෙන්න එපා. මේකිට ම්නෑ සල්ලි නිතරයි. රයක් නැතිව පක්ෂයක් මෙකටද? මේකි කොටි හුරතල් කරපු එකී. සිංහල කොල්ලෝ මැරෙද්දී වොඩ්කා බිව්වේ සංතෝසෙට. රටට වැඩිම හානියක් කලේ මේ වල් බැල්ලිය බව අමතක නොකරන්න. ඒකිගේ කියා ගන්නා ශ්‍රීලනිප මේ තත්වයට පත්කලෙත් මේ වසල බැල්මයි. මේකිට ප්‍රංශයෙත් ගෙවල් තියෙනවා.

    • Janathawa says:

      That is a manifestation of her uncontrollable jealousy and hypocrisy ,apart from her disliking for the welfare of the motherland and the nation at this crucial juncture,as she is apparently now with the evil foreign forces, NGOs,Racialist separatists,Tamil Diaspora and other sinister elements. As people have a very good perception of her ideologies, she cannot make any tangible impact on the people ,who are loyal to the country.

    • DA says:

      SLFP must be saved from this BITCH.

  4. අම්මට කිරි එරිලා ......ෆෙන්ද්ඩර්..බුරයි..... says:

    අම්මට කිරි එරිලා ……ෆෙන්ද්ඩර්..බුරයි….උසි කපුටා උසී..

  5. Wasalamudaly says:

    ශ්‍රීලනිප ය UNP එකට උකස් කලේ මෙි චෞර ස්ත්‍රීය,මෙිකි පලිගන්නේ මෙි රටෙි සිංහල.ජනතාවගෙන්,ඇත්තටම මෙිකි බණ්ඩාරනායක කෙනෙක්ද ,මෙි කතා වෙිදිකාවක කලොත් මිනිස්සු මෙි වලබැල්ලිව ඉතිරි කරන්නෙ නෑෑෑෑ .

    • Norata Eka says:

      බන්ඩාරනායකලා කියන්නේ සුද්දට රට පාවාදීපු උදවිය, උඩරට රජු අල්ලාගන්න සුද්දට උදවු කලේ බන්ඩාරනායක ලා සහ ජයවර්ධන ලා…පාවාදීම මේ අයගේ ලේ වලින් එන දෙයක්…

  6. PULATHISI says:

    චෞරීගේ රචනාව ඉතා නීරසයි. ඒ ලියපු කෙනා කවුරු වුනත් චෞරී ගැනත් ඇය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කළ හැටිත් නොදන්නා කෙනෙක්. ඇයට කෙසේ වෙතත් මේ රචනාව ලියපු කෙනාට අපි අනුකම්පා කරමු.
    2. කෙසේ වෙතත්, තවමත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් මෙහෙයවීමට චෞර රැජිනිය සහ කණ්ඩායම වියදම් කරන දේශීය සහ විදේශ මුදල් අවසානයේ අපතේ යන බව නම් සක්සුදක් සේ පැහදිලිය. ඒ සියල්ලටම අනිච්චාවත සංඛාරා කියමු.

  7. Ratnamalala says:

    දැන් මේ කිඹුල් කඳුළු හලන මෙයාම තමා මැතිණියට විරුද්දව විජය සමග ශ්‍රී ලංකා මහජන පක්ෂය හදාගෙන ශ්‍රීලනිප ය කඩාගෙන ගියේ.අත්තනගල්ලෙන්වත් මෙයාට ඇති මනාපයක් නැහැ.

  8. Ranjan says:

    At the 2018 local Govt. elections in her own electorate her seat she got only 25 votes. No point talking. It is a waste of time.

  9. Ranjan says:

    These people have become mad of what is going to happen on 16th.

  10. Gonsun says:

    Moosalee !.
    Lankawa Thiyenawa, allala, athagala imbala balapan, polova penawa, dageb penawa, minissu innawa, vathura thiyenawa.
    SLFP eka Pennapiya, UNP ya pennapiya, JVP ya pennapoya, PENNANNA BEHE.
    Kolakellaka liyapu register karapu magulaki.

    Lankawa para thrastawadeen gen beriimata karana hondama wedaya Gota Dinaweemai.
    THO LONDON.WALA MAKABEWEYAN

  11. බන්ඩා says:

    චෞරිට තියෙන්නෙ තනිකරම රාජපක්ෂලා කෙරෙහ් ඊර්ෂියාව පමනය්.

  12. ගැමුණු says:

    චෞර රැජිණියේ, ඔයා විස්කි ෂොට් එකක් දාලා, තියෙන දෙයක් කාලා ඔහාට වෙලා ඉන්න, අපි මෙහේ වෙන දේවල් බලා ගන්නං …!

  13. රාහුල කොලුවා says:

    2015 දී හංසයා සමග ශ්‍රී ලංකා එක පූට්ටු කරකොට ඔය රුදාව කොහෙද තිබ්බේ… අම්මගෙයි තාත්තගෙයි පක්ෂේ විනාශ කලේ පාක්ෂිකයෝ නෙවෙයි… ඔය මහ උන්දැම තමයි…

  14. Sepala says:

    කරුණාරත්න පරණවිතාන විසින් මෙය රචනා කරන ලදී.

  15. U.N.J.V.P says:

    කට වහපිය පර …….සි

  16. Me3 says:

    පිටට පැනල ඔය පක්ෂෙ විනාශ කරන්න උත්සාහ කරේ මැතිණියට විරුද්ධ ව කටයුතු කරමින්. එහෙම බැරි වුන දෙය අැතුලට අැවිත් කරේ කවුද කියල අපි දන්නව. 2005 කරපු පාවාදීමෙන් පසු ඔහොමවත් පක්ෂය තියෙනව පුදුමයි.

  17. kamal says:

    බලය බෙදිම සිම්පල් වන බලන්ගොඩ හාමුදුරුවො පවා දුෂ්ටයි කියපු එක්සත් ජාතික පක්ෂයට තවම ඔබ කඩේ යනවද එහෙනම් තිරිසන් යෝනියේ තමයි

  18. lastman says:

    SLFP is started as alternative to UNP by SWRD. Today , mongal CBK going to sell it UNP.

    Actual SLFP voters have to refrain from this.

  19. gothaya says:

    Kata….. kata wahapiya patta H…….i

  20. Critic says:

    She looks like a resurrection! Put her back to the grave!

  21. prabath says:

    Mekita Rata Gathiya gana kakkumak na Mahindagen pudgalika paliganiimak thamai thiyanne…..Mekita hondata salli thiyanawa Lamai inne Englend wala Banda la inne wijathikain …Ithin meke mokada rata gana wadawenne…..Anith eka apita paksheyak wedagath ne…..Rata thamai wedagath….Rata wenuwen kapawena onima nayekayak mona pakshen awath api eyata chande denawa….

  22. Aurora says:

    මේ ආත්මාර්ථකාමී ගැහැණිය තම මුළු ජීවිතය පුරා ගත් සියලුම තීරණ සහ සිදුකළ ක්‍රියාවන් සම්පුර්ණයෙන්ම පෞද්ගලික වාසි තකා ගන්නාලද ඒවාය. ඇයගේ අතීතයෙන්ම එය සනාථකිරීමට සාක්‍ෂි ඕනෑ තරම් ගෙනහැර පෑමට පුළුවන. එයින් ප්‍රමුඛ එකක් නම් මේ රටේ ජනතාවගෙන් හරි අඩක් ඉතා ගෞරවයෙන් සලකන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි ඇති වෛරයයි. ඊට ප්‍රධාන හේතුව මේ චෞර රැජිණගේ හිතවතකු හරහා (තමුන්ටම) පවරණ ලද වෝටර්ස් ඒජ් හෝටලය පිහිටා ඇති අක්කර 200 ක් පමණ වන වටිනා ඉඩම ආපසු රජයට පවරා ගැනීමයි. තවත් සාක්‍ෂියක් නම් අනුර බණ්ඩාරනායක මහතාගේ අන්තිම කැමති පත්‍රය සොරාගෙන අස්ථාන ගත කිරීමෙන් පසු අනුර බණ්ඩාරනායක විසින් තමන්ගේ හිතවතුන්ට සහ ජාතියට අන්තිම කැමැත්තෙන් ලබාදුන් සියලුම දේ තමන් සන්තක කරගැනීමයි. මේ අහංකාර, ලැජ්ජා නැති, නූගත්, රදළ ගැහැණියට දයාසිරි දුන් පිළිතුර ඇයට හොඳ වැඩියි.

  23. Neela Perumal Chandrika says:

    Nidahas pakshayata opamana sada ladhinam, Vijaya/ Ossie samaga Mahajana pakshaya atawagaththe mokatada? SLFP eka kaduwe nadda? Danna ayata boru baila epa. Kata wahan innawanam tikak hari ammage nambuwa berenawa.

Main News