චන්ද්රිකාගේ කුමන්ත්රණයට වෙල්ගමත් එක්වෙයි.. පොහොට්ටුවට විරුද්දව රට පුරා යයි..
October 21, 2019 at 2:10 pm | lanka C news
දැනට විදේශගතව සිටින චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ශ්රී ලංකාවට ඉක්මනින්ම පැමිණෙන බවත් එසේ පැමිණි පසු තමන් ඇය සමඟ සාකච්ඡා කර ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම සදහා තමන් රටපුරා යාමට සූදානම් බවද ඔහු පැවසීය.
තමන් කිසි දිනක එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක් නොවන බවද පැවසූ ඒ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සමග එක්වන බවද කියා සිටියේය.
තමන් අද ද හෙට ද ඉදිරියට ද ශ්රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයන බවද පැවසූ ඔහු තමා දේශපාලනය අවසන් කරන්නේ ද ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් බවද පැවසීය.