චන්ද‍්‍රිකාගේ වංචාවක් ගැන පරීක්‍ෂණ කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග…

November 21, 2017 at 1:20 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ වංචාවක් ගැන පරීක්‍ෂණ කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග…

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්ධයෙන් ලංකා මැරයින් සර්පසස් ගණුදෙනුවේදී සිදුවූ වංචාව සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පරීක්ෂණ නොපැවැත්වීම ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී ඒ මහතා කියා සිටියේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් 2007 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තමන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවයි.

පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවද පවසන මන්ත්‍රීවරයා පොලීසිය ඒ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටි බවත් මේ පිළිබඳව නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම නිසා පරීක්ෂණ කටයුතු නතර වී ඇති බවත් සඳහන් කරයි.

සියළු දෙනා නීතියට යටත් බව කී මන්ත්‍රීවරයා වංචාවක් සම්බන්ධව හිටපු ජනාධිපතිනියට අදාළ පරීක්ෂණ කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ නම් එය කළ යුතු බව ද කීවේය.

එම පරීක්ෂණ නීතිපතිවරයා විසින් යටත් නතර කර ඇතැයිද ඒ නිසා නීතියේ ආධිපත්‍යය ගැන ගැටලුවක් මතුව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

14 views

9 Comments to “චන්ද‍්‍රිකාගේ වංචාවක් ගැන පරීක්‍ෂණ කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග…”

  1. ‍නිදහස් says:

    ‍චන්ද්‍රිකාට දඩුවම් කරනවට වඩා හොදයි මෙයා මේ රටින් පන්නා දමන එක. මෙයාගෙ මාලිගා තියෙන්නෙ ඇමරිකාවෙ. මේකි ලංකාවෙ ඉන්නකම් කරන්නෙ දේශපාලන කුහක කම්.

  2. sura says:

    මේ ඉස්සිගෙ ඕළුවෙ තියෙන්නේ මොනවද කියල බලමු.

  3. රාහුල කොලුවා says:

    යන යන රැස්වීමේ මහින්දට හොරා හොරා කිය කිය යනකොට මට නිකමට හිතුනා මෙයත් මොකක් හරි මගඩියකට පැටලිලාවත්දෝ කියලා… බලන් යනකොට වැඩේ හරි… මොකද හොරෙක් ගැන කියන්න දන්නේ ඒ ෆීල්ඩ් එකේම ඉන්න කෙනෙකුටනේ… අපිට හොරු ගැන කියන්න දන්නේ නැත්තේ අපි ඒ ෆීල්ඩ් එකේ නැති හින්දනේ…

  4. john the baptice says:

    චන්ද්‍රිකා ඇතුළු පිරිසකට උවමනාවී ඇත්තේ මේ රට තුළ බලය බෙදීමක් සිදු කර ෆෙඩරල් රාජ්‍යක් කරා රට රැගෙන යෑමටයි.

  5. Wasantharaja says:

    Mahindata hora kiuwata meyage kale meya mokuth kale naha, Waters Edge,marine services, insurance wage dewal hard.

  6. David Milli-Banda says:

    Eliwena jameta oya eli wenne………………………dan meki ara naki vasu wath gila gannawa.
    Vasu ta Jonagen pethi illa ganna wenawa.

  7. sinha le says:

    චන්ද්‍රිකාට ජාතික ගීය පැටලෙයි.

    https://www.facebook.com/638239462887974/videos/1077835712261678/

  8. හා..හා...සංහිදියාව says:

    අපේ නෝනාට අත තියනවා නොවෙයි. ප්‍රශ්න ඔක්කොම ලියා කලින් යවන්න.අපේ ජනපති…කව්ද කැමති.යක්කු විතරයි.

  9. චවුර දේවීට says:

    උත්තරදේවීට ගල් ගහලා පුවතක්. චවුර දේවීටත් ගල් පාරවල් වදින්න ඉඩ තියෙනවා මෙහෙම ගියොත්.