චන්ද්‍රිකාගේ ‘සංහිදියාව’ අලුත් විෂයක් වී 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට..
June 2, 2017 at 2:10 pm | lanka C news
‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ ලෙස නව විෂයයක් 2018 වසරේ සිට මෙරට තෝරාගත් විශ්වවිද්‍යාල කිහිපයකට විෂය ධාරායට එක් කිරීමට නියමිතය.
ඒ සදහා වන අවබෝධතා ගිවිසුම මේ වන විටත් අත්සන් තබා තිබේ.
මෙම නව විෂය මුල් වටයේදී රුහුණ, යාපනය, නගෙනහිර, අග්නිදිග, සෞන්දර්ය කලා හා තවත් උසස් අධ්‍යාපන ආයතන කිහිපයකම ආරම්භ කිරීමට නියමිතය.
මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතියගේ නායකත්වයෙන් යුතු ‘ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය’ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ‘උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව’ වැඩසටහන මගිනි.