චන්ද්‍රිකා අනිද්දා ලංකාවට.. ශ්‍රීලනිප පළුවක් එක්ක එජාප වේදිකාවට..
October 17, 2019 at 2:10 pm | lanka C news
මේ වන විට බ්‍රිතාන්‍යයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අනිද්දා දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඇය මෙරටට පැමිණි වහාම ශ්‍රීලනිප සංවිධායකවරු පිරිසක් කැඳවා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වීම සම්බන්ධයෙන් ඇය දැඩි විරෝධය පළ කරමින් සිටියි.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිහිපදෙනෙකු එක්සත් ජාතික පෙරමුණට එක් වීමට සූදානමක් ඇති අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන වේදිකාවට ගොඩ වීමට සූදානමින් ඇති බව සඳහන්ය.