චන්ද්‍රිකා කාම ධේනුවක්..- චන්ද්‍රිකාගේ පැටිකිරිය මර්වින් හෙලි කරයි..
November 9, 2017 at 10:40 am | lanka C news
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වටා සිටින මිතුරු සූරාකන්නන්ගේ වැරැදි උපදෙස් නිසා ඔවුන් දෙදෙනා මංමුළා වී සිටින බව හිටපු අමාත්‍ය සහ දේශීය ජනතා පක්ෂයේ සභාපති මර්වින් සිල්වා පවසයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද පළිගැනීමේ චේතනාවෙන් පිරි තැනැත්තියක් බවත් ඇය සිංහ ධේනුවක් නොව කාම ධේනුවක් බවත් ඔහු කියා සිටියේය.
මහ බැංකු කොල්ලයට සම්බන්ධ වූවන්ගේ නම් ලැයිස්තු තමා ළඟ තිබෙන බවත් අවශ්‍ය වුවොත් තමා ඒවා ප්‍රසිද්ධ කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
පාර්ක් රෝඩ්හි පිහිටි අමාත්‍යවරයාගේ නිවෙසේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
මම මේ ළඟදි දැක්කා “රජයේ ඉඩම් හොර පාරෙන් අඩු මිලට” කියලා එක්තරා වාර්තාවක්. මම මාධ්‍යයට ගෞරව කරනවා. මේවා පෙන්වන්න ඕනි ජනතාවට. මේවාට යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු සම්බන්ධයි. එදා ආණ්ඩුවල අයත් සම්බන්ධයි.
හිටපු අයගෙන් අඩුවක් වුණා නම්, ඒ අඩුව නැති විදියට වැඩ කරන්න තමයි මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ. එදා බණ්ඩාරනායක යුගයේ තිබුණු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය කුස්සියට නෙවෙයි මහපොළොවට වළදාල ඉවරයි. අන්න ඒ පංච මහා බලවේගය නැවත ඉස්මතු කරන්න තමයි මම අලුත් පක්ෂයක් පටන් ගත්තේ.
කවුරු මොනවා කිව්වත් ගිය ආණ්ඩුවෙන් වුණු වැරැදි එදා දේශපාලන වේදිකාවේ කතා වුණා. පෙනේරයකට වතුර දැම්මොත් රැඳෙන්නේ නැහැනේ. දැන් මට පේන්නෙත් මේ ආණ්ඩුව පෙනේරයකට සමානයි. වතුර රැඳෙන්නේ නැහැ.
පළිගැනීම සහ හාරා ඇවිස්සීම ගැන අතීතයේ හිටපු සර් ජෝන් කොතලාවල, බණ්ඩාරනායක අගමැති වගේ අය කතා කළේ නැහැ. සාමාන්‍යයෙන් හෑරීමට දක්ෂ උෟරා. කැලෑ උෟරා අලයක් කනවා. නගරේ උෟරෝ හාරා හාරා කුණු කනවා. මම හිතන්නේ මේ ආණ්ඩුවේ ඇතැම් උදවිය පත් වෙලා තියෙන්නේ නගරේ උෟරෝ විදියට.
සිරිමාවෝ මැතිනිය පසුගිය දේවල් ගැන එතරම් කතා කළේ නැහැ. පසුගිය දේවල් ගැන ඇදලා ගැනීමේ නායකත්වය දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. එදා මම යූඑන්පී එකේ ඉන්නකොට එතුමිය රනිල්ට විරුද්ධව පළිගැනීම් කළා. එතුමා ඇදවැටුණේ නැහැ. පළිගැනීමේ චේතනාව එතුමියට හැමදාම තියෙනවා.
ඒ වගේම තමයි මෛත්‍රිපාල සිරිසේන මහතා බොහොම නිහතමානී ජේයෂ්ඨ දේශපාලනඥයෙක්. මට එතුමා ගැන කියන්න තියෙන්නේ, කැලේ අතරමං වෙනවානේ මංමුළා වැල් පෑගුණහම. මට හිතෙනවා එතුමාට මංමුළා වැලක් පෑගිලා දෝ කියලා. වැරැදි උපදෙස්, වැරැදි උදවිය ළඟ තියා ගැනීම තුළ එතුමාගේ ශ්‍රී නාමයේ ශ්‍රී අකුර හැලිලා තියෙන්නේ. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ ගැන මට කියන්න තියෙන්නේ එදා මම එතුමා යටතේ ඉන්නකොට ඔහුට මහා ප්‍රඥාවක් තිබුණා. අද මට පේන විදියට එතුමා ළඟ ඉන්න මිතුරු සූරාකන්නන් විසින් සූරාගෙන කෑවාදෝ කියලා මට සැකයක් තියෙනවා.
ශලීල මුණසිංහගේ අලගිය මුලගිය තැන ඉඳලා මම කියන්න දන්නවා. ඒකත් දඟලගෙන ආවොත් මම කියනවා. පත් වුණු කිසිම නායකයෙක් වේදිකාවල කියපු දේවල් ඉෂ්ට කළේ නැහැ. ඒවා ඉෂ්ට කළා නම්, මේ රටේ ආර්ථික අර්බුද, සමාජ අර්බුද, සෞඛ්‍ය අර්බුද ඇති වෙන්නේ නැහැ. ජාති, ආගම්, කුල භේද ප්‍රශ්න ඇති වෙන්නේනැහැ. අලුත් ව්‍යවස්ථා ඕනි වෙන්නෙත් නැහැ.
දැන් සංහිඳියාව ඕනිවෙලා තියෙන්නේ චන්ද්‍රිකා මැතිනිය ඇතුළු යුරෝපයෙන් ජීවත් වෙලා ඩොලර්වලින් පගාව ගන්න උදවියට.
රාජපක්ෂවරුත් එක්ක තියෙන වෛරයට මිස එතුමිය රට ගැන උනන්දුවක් ඇතුව මේ ආණ්ඩු වෙනස් කරන්න ආවේ නැහැ. ඒක රනිල් වික්‍රමසිංහගේ යූඑන්පී එකේ තිබුණු ජවයයි, රනිල්ගේ දුරදක්නා නුවණයි, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සෘජු තීරණයයි. එතුමාගේ මහා වාසනාව පිට ලැබුණු දෙයක් මේක. නැතිව මහින්ද පිරිහිලාවත්, එළවන්නවත් ලැබුණු ජයග්‍රහණයක් නෙමෙයි. මේ උදවිය ගෙනාපු සන්දර්ශනවලට ජනතාවගෙන් කොටසක් සම්බන්ධ වුණා. ඒකට සුළු ජාතීනුත් රැවටිලා ඡන්දය දුන්නා. ඒකයි වුණේ. දැනටමත් පවතින ආණ්ඩුවට මඟ හදාගෙන යන්න පුළුවන්.
උදයන්ති මුණසිංහ
– Mawbima
කතාව ඇත්ත වගේ ……
Or a prostitute?
me amanaya api elawa demu kalakanniyek yako chandrikage mailak tharamwath umba watinne ne, labana
bawaye pare nidiyana rodiyek wenawa sure
KAAMA RAJINAK OKA
SANATH GUNATHILAKA GE DIWA GEWILA LU
All true. All correct….from a patriotic point of view!
You have recreated your image.
Your party is 100000 times better than SLFP,UNP, JVP, Helu Urumaya,…etc.
Congratulations!
ඇයි මර්වින් අයියටත් සොමියකට කතාකලා ආදරේ,
ඒක ඇනිබලාගෙ බජව්දාන කාමරේ
First of all CID should investigate how this bugger got a house in Park Rd.
sahathika aththa
මර්විය දණ ගහල වැඳපු කෙනාට නේද මෙහෙම කියන්නෙ.මූ අවජාතකයෙක්.
මර්වින් කියන්නෙ පොළොවෙ පයගහල ඉන්න මිනිහෙක්. මෙයා මහින්දටත් බයනෑ, රනිල්ටත් බය නෑ, මෛත්‍රීටත් බයනෑ. කෙලින් වැඩ කරන කෙලින් කථා කරන මිනිස්සු තමයි මේ රටට ඕන. මර්වින් කවදාවත් රජයේ සල්ලි හොරකම් කරේ නෑ. ඒක මූළු රටට දන්නව. පුතා හදාගත්තතම් මේ මිනිහා අද වැජබෙනවා.
100% ක් ඇත්ත කතාව.