චන්ද්රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. මහින්ද විපක්ෂ නායකකමෙන්, මන්ත්රිකමෙන් ඉවත් කරන්නැයි දන්වයි..
August 18, 2019 at 9:20 am | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ වන විට පුරප්පාඩු වී ඇති ජාතික ලයිස්තු මන්ත්රී ධුරය හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත් කරන්නැයිද ඇය ඉල්ලා ඇත.
එසේම ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කරන සෙසු මන්ත්රීවරුන් ගැනද දැඩිය විනය ක්රියාමාර්ග ගන්නැයිද ඇය ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම්වලට අවසන් පිලිතුරක් දී නැති අතර ඉදිරියේදී සලකා බැලීමට පමණක් එකග වී තිබේ.