චන්ද‍්‍රිකා මැදුම් පිලිවෙතට එයි.. රජයෙන් දුන් වාහන ආපසු බාර දෙයි…

July 30, 2020 at 6:48 pm | lanka C news
චන්ද‍්‍රිකා මැදුම් පිලිවෙතට එයි.. රජයෙන් දුන් වාහන ආපසු බාර දෙයි…

තමන්ගේ භාවිතය සඳහා ලබා දී තිබූ වාහන 04 චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය විසින් ආපසු රජයට භාර දී තිබේ.

අද වන විට ඇති වී තිබෙන රටේ මූල්‍ය දුෂ්කරතාවය සමනය කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව ඇය විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

ඇයට හිටපු ජනාධිපතිනිය ලෙස වාහන 12 ක් ලබාදී තිබු බවත් ආරක්ෂක අංශයට 03ක් සහ පුද්ගලික භාවිතය සඳහා වාහන 09ක් වූ බව ඇය පවසයි.

ඒ අනුව වාහන 04ක් ආපසු භාර දුන් බවත් ඉදිරියේදී ඉතිරි වාහන 08ත් රජයට නැවත භාරදීමට කටයුතු කරන බවත්ය.

7,148 views

13 Comments to “චන්ද‍්‍රිකා මැදුම් පිලිවෙතට එයි.. රජයෙන් දුන් වාහන ආපසු බාර දෙයි…”

  1. කපිල says:

    ඉන්න කල් කරේ රට පාවාදීම බෙදීම වගේ ජාතියම විනාශ කරන වැඩ. තවම ලන්කාවට වෙලා මොකද කරන්නේ. පක්ෂය කාලා දැම්මා මදිවට යූඇන්පී එකත් කඩලා දැම්මා. අනික් වාහන ටිකත් බාර දීල යාපනයට හරි යුරෝපයට හරි තොලොංජි උනා නම් හොඳයි .

Main News