චන්ද‍්‍රිකා මෛත‍්‍රීට පස්පඩංගුවේ බැණ වදී..

September 27, 2020 at 10:00 am | lanka C news
චන්ද‍්‍රිකා මෛත‍්‍රීට පස්පඩංගුවේ බැණ වදී..

තම පියාවන ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුළුමනින්ම විනාශ කර දමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අද වන විට දුෂණ වලට සම්බන්ධ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ නායකයෙකු සොයා ගැනීමට ඉතා අපහසු යැයි ද ඇය කියා සිටියාය.

තමන් අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නා දමා ඇතැයිද ඇය පැවසුවාය.

ඇය මේ අදහස් පළකරන ලද්දේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ � 61 වැනි අනුස්මරණ උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු එම පක්‍ෂ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

එසේ නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට සහභාගී වී සිටියේ නැත.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය භයානක එකක් යැයිද තමන් ඒ ගැන ඉදිරියේදී දීර්ඝව අදහස් පල කරන බවත් ඇය මාධ්‍ය වෙත පැවසුවාය.

24,885 views

11 Comments to “චන්ද‍්‍රිකා මෛත‍්‍රීට පස්පඩංගුවේ බැණ වදී..”

  1. Malvathu Asgiri Girigoris says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන අවදියේ SWRDB, UNP කාරයෙකි. පසුව ඔහු SLFP ප්‍රධානියා වූ බව සැබෑවකි.

  2. අමිල says:

    හිටන් ට වඩා පාරේ ඉන්න බල්ලන් ට මීට වඩා තැනක් තියෙනවා.

    • John says:

      සිරිසේනව පක්ෂයේ නායකා කලේ චන්ද්රිකාමයි ..ඇය හිතුවේ සිරා වහලෙක් වගේ ඇය කියන පදයට නටයි කියලා ..අවසානයේ ඇය බලු උනා

  3. COBRA says:

    විස්කි ආච්චිගේ අදහස් වලින් අපට ඇති ඵලය කුමක්ද ?දැන් දේශපාලනය ගැන නොවේ පරලොව ගැන සිතා පින් දහම් කරගන්න

  4. Bandara says:

    ලංකාවෙන් බිහිවූ දුර්වලම පාලකයා චන්ද්‍රිකායි. ශ්‍රීලංනිපය විනිශ කලේ චන්ද්‍රිකයි මංගලයි. කොටි ත්‍රස්තවාදින් ලොව බලවත්ම ත්‍රස්ත කල්ලිය උනේ චන්ද්‍රකාගේ දුර්වල පාලනයයි. ඔච්චර පක්ෂය ගැන කැක්කුමක් තියනවනම් බූදල් නඩුවකින් පක්ෂය යලි ලබාගන්න.

  5. Buddhadasa says:

    When she talked about corrupt leaders , she should have started with herself.
    Everybody knows that she got a huge bribe from the airbus deal, not to mention other deals.

    • ගිරවා says:

      ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භක නායකයා කලේ අපේ රටේ සුළුජාතීන්ට බලය ලබා දී ඔවුන්ගේ දෙමළ භාෂාව රජයේ බසක් ලෙස ලබා දීමයි ඒ නිසා තාමත් අපේ රටේ බෙදුම්වාදය ප්‍රශ්න ඉවරයක් නැහැ චන්ද්‍රිකාගේ මව අපේ රටේ ජාතික කොඩියට පටි දෙකක් ගසා ජාතික කොඩියත් විනාශ කළා රටේ උරුමය සුලුජාතින් ලබා ගැනීමට වෙර දරනවා .. ..සිරිසේන, චන්ද්‍රිකා දෙමළ ඩයස් පෝරාව සතුටු කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දුන්නා ඔවුන්ට අවශ්‍ය වුයේ බලය පමණයි මේ දෙදෙනාම දෙමළ කොටි ඩයස් පෝරාවේ රුකඩයි මේ රට චන්ද්‍රිකාගේ බුදලය නොවේ
      අපේ රට ජාතියට කල අපරාධ වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිය දේශපාලුවන්ට සාප වේවා

  6. sinhale le says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුනේ දෙමල බාෂාව රජයේ බාෂාව කල වරදින්

  7. 77 UNP says:

    බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැතිකමයි. ඔහුගේ උදාන වාක්‍ය වුනේ “එන එන විධියට ගහ උලුවස්සා” බව දේශපාලන ඉතිහාසය දන්නෝ දනිති. කොහොම වුනත් බණ්ඩාරනායක පමණක් නොවේ 1978 ව්‍යවස්ථාව ගෙනෙන්න පෙර සිටි දේශපාලකයෝ සොරකම් නොකළහ. ඒ මැතිවරණ ක්‍රමය තුල සොරකමට අපේක්‍ෂකයන් හෝ මන්ත්‍රීවරුන්ට පෙළඹවීමක් නොවීය. 78 ව්‍යවස්ථාව තුල දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ටාශයක් නිසා මුදල් කප්පරක් මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍යය.නමුත් චෞර රැජිණ හොරකම් කලේ රාජ්‍ය දේපල පමණක් නොවේ, සහෝදරයාගේ අන්තිම කැමැත්තද සොරකම් කලාය.

  8. RAYMOND says:

    විධායක ජනාධිපති කම අහෝසි කරනවයි කියල බලයට ඇවිත් ඒකේ රසවින්දා
    රටට කරපු කිසිම දෙයක් නෑ
    කලේ බාබර් වැඩේ

  9. රාහුල කොලුවා says:

    සිරිසේන උන්නැහෙට පස් පඩංගුවේ නෙවෙයි කුණු හරුපෙන් බැන්නත් වැඩක් නෑ… දැන් පක්ෂෙ වල දාලා ඉවරයි…

Main News