චන්ද‍්‍රිකා 15 වසරක රහසක් හෙලි කරයි.. මංගල අත් අකුරින් මහින්දට යැවූ ලිපියක්…

September 20, 2021 at 12:00 pm | lanka C news
චන්ද‍්‍රිකා 15 වසරක රහසක් හෙලි කරයි.. මංගල අත් අකුරින් මහින්දට යැවූ ලිපියක්…

මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ ජනාධිපති වරයා ලෙස පත් වී ආසන්නයේදීම එවකට අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඔහු වෙත යොමු කරන ලද ලිපියක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ප‍්‍රසිද්ද කර ඇත.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් ද සමගින් ඇය සඳහන් කරන්නේ මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සදහා පැවැත්වූ පක්ෂ විධායක සභා රැස්වීම් වලට සහභාගී නොවන බව දන්වමින් මංගල සමරවිර මහතා එකී ලිපිය යවා ඇති බවයි.

එම සම්පූර්ණ සටහන හා ලිපිය මෙසේය.

මගේ පැරණි ලිපි ලේඛන අතර හමුවූ ලිපියක් –

මෙය මාගේ 61 වන ජන්ම දිනය දා ඉතාමත් පහත් ආකාරයට මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීම සඳහා පැවැත් වූ පක්ෂ විධායක සභා සහ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහභාගී නොවන බව දැන්වීමට මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යැවූ ලිපියකි.

පක්ෂ සභාපති ධුරය ගෞරවාන්විතව ලබා දීමට සූදානම් බව මම ලිඛිතව දන්වා තිබියදීත්, මාගේ ජන්ම දිනම මා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට ඔහුට අවශ්‍ය විය. ඊට විරෝධය දැක්වීමට හෝ පෞර්ෂයක් තිබුණේ අනුර, මංගල, ජෙයරාජ් වැනි ඉතාමත් සුළු පිරිසකට පමණි.

මංගල හෘදය සාක්ෂියට අනුව ඊට එකඟ නොවන බව දන්වා තිබුණත්, මහින්දගේ නායකත්වයට විරුද්ධ නොවන බව අවස්ථා කිහිපයකදී වාචිකව සහ ලිඛිතව දන්වා තිබුණි. ඔහු මේ ලිපිය සිය අත් අකුරින්ම ලියන්නේද මෙහි රහස්‍යභාවය රැකගනු පිනිසය. ඊට හරියටම මාස දහයකට පසු කිසිදු හේතුවක් නොදක්වා ඔහු අමාත්‍ය ධුරයෙන් නෙරපා දමනු ලැබිණි.

එහෙත් මංගල තම ප්‍රතිපත්තිගරුක බව අත් හළේ නැත.

271,357 views

43 Comments to “චන්ද‍්‍රිකා 15 වසරක රහසක් හෙලි කරයි.. මංගල අත් අකුරින් මහින්දට යැවූ ලිපියක්…”

  1. Power says:

    ලියුමේ වම් පැත්තෙ ඉහළින්ම “අතිශයින්ම පුද්ගලයි” කියලා විශ්වාසයෙන් යුතුව ලබා දෙන කිසිවක් අඳාළ පුද්ගලයා ජීවත්ව සිටියා හෝ නොසිටියා මෙලෙස සමාජ ගත කිරීම මානව ගුණාංග වලට ගැලපෙන්නෙ නැත. රහස්‍ය තොරතුරු වලට පාට, පක්ෂ, ජාතීභේද, ආගම්වාද කිසිවිටෙකත් නොතිබිය යුතුය.

  2. Sarath Bulathsinghala says:

    මෙයින් පෙනෙන්නේ මංගල සමරවීරගේ කැරැට්ටුවයි! නියම තාත්තාගේ පුතා! බාල නපුංසකයෙක්!

  3. tharaka says:

    අම්ම ගහයි
    බය්යෝ මැරිලා නැහැ
    උන් ඉන්නවා
    ආණ්ඩුවේ වෙරදී දැක්කේ නැහැ ඉන්නවා
    මේවගේ නිව්ස් වලට පැන පැන තඩි බානවා
    නොදකින් වහල් හැත් …

    • 3ත් නැති ජෙප්පා says:

      ⬆ මේක කිව්ව කෙනා වහලෙක් නෙවෙයි ලු ඈ

  4. kk says:

    Waradila Chandrikata gihilla

  5. Sakshi says:

    Air lanka privatization letters also published. Then we can see how you bought house in expensive area in UK.

  6. Sankaudaya says:

    ඉතිං චන්ද්‍රිකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීම නිසා රටට යහපතක් නේ උනේ .

  7. Amda says:

    මංගලව විදේශ කටයුතු ඇමතිකමෙන් පහ කලේ එක්සත් ජාතීන්ගේ මන්ඩලයේදී ඉරාකයට විරුද්ධව කටයුතුකිරීම නිසා බවයි මගේ මතකය.
    මහින්ද රාජපක්ශ මුස්ලිම් ජනතාව සමඟ සුහදව කටයුතු කලේ ශිෂ්‍ය අවදියේ පටන්….විශේශයෙන් එතුමා පලස්තීනයට සහය දැක්වූ සහ ඔවුන්ගේ අයිතීන් ගැන කතා කල අයෙක්.
    එම සුහදත්වය බිඳ දැමීම මංගලගේ කුමන්ත්‍රනයක් විය.

    අතිශය පෞද්ගලික ලිපියක් ප්‍රසිද්ධ කරවීමද එම ලිපිය ලියූ අයට කල නිග්‍රහයක් වේ.

  8. Piyadasa Yalagala says:

    Needless to say Mangala Samaraweera is/was pro-US puppet even during CBK ruling circular her period of governances . Mangala S… man who sold out our country, nation and People to western countries. Indeed Mangala S… also same line of thinking of as CBK politics by SLFP Federalism.Which is nexus to NeoLiberalism of US new colony.

  9. Piyadasa Yalagala says:

    Needless to say Mangala Samaraweera is/was pro-US puppet even during CBK ruling circular her period of governances . Mangala S… man who sold out our country, nation and People to western countries. Indeed Mangala S… also same line of thinking of as CBK politics by SLFP Federalism.Which is nexus to NeoLiberalism of US new colony.
    The Lost of lives of Mangala S… is tragedy of politics to CBK that future of seeking her son to be created New “SLFP ” platform by support of Sunataha Banadarakeye deram new political …. Mangala S was that bridge between UNP-Ranil and SLFP of CBK
    political Federalism.

Main News