චන්න ජයසුමනගෙ නිවස ගිනි තියන්න කතෝලික පූජකයෙක් ඇවිත්… (CCTV)

May 14, 2022 at 10:40 am | lanka C news

පසුගියදා ඇතිවූ කලහාකාරී සිදුවීම ද අනුරාධපුරයේ පිහිටි තමන්ගේ කාර්යාලය ගිනි තැබීමේ අවස්ථාවට කතෝලික පූජකවරයෙක් සහභාගි වූ බව හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව හෙලි කරයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ නිවාස සහ කාර්යාල පසුගිය සඳුදා සහ අඟහරුවාදා මිලේච්ජ මැරයන්ගේ ප්‍රහාරයට ලක් විය. එම මැරයන්ට රැකවරණය සැපයූ බොහෝ දෙනා පැවසුවේ එකී නිවාස සහ කාර්යාල අප විසින්ම ගිනි තබා ගන්නා ලද බවයි. මෙහි දැක්වෙන්නේ අනුරාධපුර මාගේ කාර්යාලයට මැර ත්‍රාඩයන් පහර දෙන ආකාරයයි. අනුරාධපුර නව නගරයේ රැස් වී පෙර සුදානමකට අනුව සැලසුම් සහගතව ස්ථාන ගණනාවක් ඔවුහු ගිනිබත් කළහ. මේ සඳහා පැමිණි අය මෙන්ම බෝධිසත්ව මුහුණු පෙන්වා ගෙන ඒ සඳහා උල්පන්දම් දුන් අය ද හෙළි වෙමින් පවතී. ඒ ගැන වැඩි විස්තර දන්නේ නම් කරුණාකර inbox කරන්න.

මෙහි දැක්වෙන CCTV දර්ශන මේ වන විටත් පොලිස්පතිවරයාට යොමු කර ඇත. ඔහුට මේ ගැන සොයා බැලීමට ඇත්තටම උවමනාවක් වේ නම් අනුරාධපුරයේ කතෝලික පුජකයන් සැහෙන පිරිසක් නැති නිසා ඒ සඳහා සහභාගී වූ තරුණ පුජකයා හඳුනා ගැනීමෙන් ඉතිරි අයද පහසුවෙන්ම හඳුනා ගත හැකි බව දන්වා යැවුයෙමි.

අනුරාධපුරයේ ගිනිබත් කළ මේ ස්ථාන සියල්ලටම මීට සති 5 කට පෙර ද (මිරිහානේ සිද්ධියට පසු දින) පහර දීමට ලක් විය. සඳුදා ගාලුමුවදොර සිද්ධියෙන් පසු ඇති වූ කුපිත වීම් නිසා ගිනි තැබීම් කලේ නම් ඊට සති 5කට පෙර එම ස්ථානම ප්‍රහාරයට ලක් වුයේ කෙලෙසද? අනුරධපුරයේනම් මේ අවස්ථා 2 ටම සහභාගී වී ඇත්තේ සහ උල්පන්දම් දී ඇත්තේ එකම කණ්ඩායමක් බව දැනට හෙළි වී ඇති තොරතුරුවලින් සනාථ වේ. මේ සියලු දෙනාට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කල යුතුය.

(බොහෝ දෙනා විමසන්නේ මේ මගේ නිවසද යනුවෙන්ය. මට අනුරාධපුරයේ නිවෙසක් නැත. ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට සති කිහිපයක සිට ගොතා ප්‍රචාරය කල පරිදි මන්දිර, හෝටල්, විලා ද නැත).

107,411 views

73 Comments to “චන්න ජයසුමනගෙ නිවස ගිනි තියන්න කතෝලික පූජකයෙක් ඇවිත්… (CCTV)”

  1. NuwanJ says:

    මේ මොන අපරාධයක් . මේ අලුත් මන්ත්‍රී ලා මොන වැරදක් කලාටද?
    මිට වැඩිය රටට හෙනයක් වුන අය අනිත් පැත්තෙ නැද්ද
    මෙය එක පාර්ෂික කුහක පහරදීමකි

  2. SKF says:

    පාදිලියා ඇවිදන් ගිහින් නතර වෙන්නෙ චීවර ධාරියෙක් ලග. ඊට අමතරව තප්පර 40 විතර ආසන්නයේ තවත් චීවර ධාරීන් 3 දෙනෙක් පේන්න ඉන්නවා.
    චීවරධාරීන් ගැන නොකියා, පාදිලියා ගැන විතරක් කියා, ඔබ මුලාවට පත් කරණ පිරිස ගැන අවධානයෙන් සිටින්න. ඔවුන් නැවත නැවතත් ඔබව මුලා කරණු ඇත.

    • හේනේ මාමා says:

      සිවුරු දාගත්තු හොරු ඕන තරම් ගෝල්ෆේස් අරගල බිමේ හිටියා. අර කුරුසෙ නළලෙ ගහගෙනත් එකෙක් ආවෙ අරගල බිමට. අනිත් හාමුදුරුවරු ඌව අල්ලලා පොලීසියට භාර දුන්නේ.

  3. Boo says:

    නූගත් වහල් ගෝත්‍රික ගොන් බයියන්ට ඔයිට වඩා දෙයක් කිරීමට තරම් මොලයක් ඒ ගොං ඉස්ගෙඩි තුල නැති බව නොදන්නේද?
    #GoToHellJVP

  4. Reke Patta says:

    අර චාල්ස් තෝමස්ගෙ ගෝලයෙක් වෙන්න ඇති දුප් ලීකා මාරම පණත් තිව්වෙ ගිනිතියපල්ල කියල ලපයට ෂතුටුයිද දැන්

  5. Dimo says:

    මේකේ හාමුදුරුවන් දෙන්නා දැක්කේ නැද්ද ……

  6. Deepani Lokuratna says:

    Severe rage. Need anger and hate management

  7. Lalla says:

    ඔන්න ආයිමත් ආගම් භේද. මහින්ද
    කල විනාශය මදිද.

  8. දෙව says:

    කොහෙමද නිර්පාක්ෂික ගැම්ම . වහාම මොවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු

  9. අර father ට ඉස්සරහ ඉන්න හාමුදුරැවො පේන්නෙ නැද්ද. වද කොත්තු, වද ගෑනු කතා හදපු ජාතිවාදී අමනයා.

  10. Dengu Nona says:

    Yako. Me rate Bawudhayo innawaada ? Mehe inne Gas , Gal wandina Pancha aapaye alee galee sitina gon huththige puthaalaa misa Budun Wahansege Dharmaya anugamanaya karana aya neweyi!