චමල්ට කතානායකකම දී මට ඒ ඇමතිකම නොදුන්නේ ඇයි..- මුල්ම නොරිස්සුම වාසුගෙන්

November 25, 2019 at 12:02 am | lanka C news
චමල්ට කතානායකකම දී මට ඒ ඇමතිකම නොදුන්නේ ඇයි..- මුල්ම නොරිස්සුම වාසුගෙන්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් මාස තුන හතරක කෙටි කාලයක් සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් තමන් නියෝජනය කරන දේශපාලන දහරාව ඇත්තේ එහි නොවන නිසා දීර්ඝකාලීනව එම ධුරයේ කටයුතු කිරීමට තමන් සූදානම් නැතැයිද ඒ මහතා පැවසීය.

සත්‍ය වශයෙන්ම කල යුතුව තිබුනේ චමල් රාජපක්ෂ මහතාට කතානායක ධුරය දී එම ඇමැති ධුරය තමන්ට ලබාදීම බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් කෙටි කාලයකට හෝ කථානායක ධුරයේ කටයුතු කිරීම අලුත් අත්දැකීමක් වනු ඇතැයිද ඔහු පැවසුවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.

294 views

34 Comments to “චමල්ට කතානායකකම දී මට ඒ ඇමතිකම නොදුන්නේ ඇයි..- මුල්ම නොරිස්සුම වාසුගෙන්”

  1. upsetlanka says:

    රටේ අගමැතිට පාර්ලිමේන්තුවේදී පකයා කියා ආමන්ත්රණය කළ මේ මිනිහා මේ ආණ්ඩුවේ කතානායක කමට ඉතාම සුදුසුයිි.

  2. Dil says:

    happo masa 3 amathi kamata thiyana thanhawa. thaman gana hithana me wage apathoya aye parliment yawanna honda na

  3. Nuwandutta says:

    Well Vasu has learn lessons from that Rajapakasa family politics.
    The democracy is different version of that Rajapaksa’s believes .
    Right to enjoy power is only entitle for MR and Family ,but not for others .

  4. Rosh says:

    පන්තියේ වැඩියෙන්ම කෑගහන එකාවනේ මොනිටර් කොරන්නෙ…එත කොට ඌ කෑගහන්නෙ නෑ.. ටීචර්ට වදයකුත් නෑ…

  5. රජින්ද says:

    මේ එකෙක්…. වාමාංශිකයෙක් යයි කියා ගනිමින් බටහිර වරප්‍රසාද වලට සහ සුළු ජාතික බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා අනුව මෙහෙයවන එක්තරා පපට් කෙනෙක්. මොහු ගෝඨාට නාමයෝජනා දීමටත් විරුද්ධ උනා, දැන් තවදුරටත් දේශපාලකයෙක් වගේ ඉන්නවලු. මොහුට කියන්න ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න කලින් ජන්ද 10000ක් අරන් පෙන්නන්න කියා. මමනම් මොහු පොහොට්ටුවට සම්බන්ධ කරගැනීම ගැන මුල ඉදන්ම අප්‍රසාදයෙන් උන්නේ. තව දෙයක් චමල්ට ඇමතිකමක් දීම මහින්දගේ දේශපාලනයේ හැටි. ඔහුට ගෝඨාගේ දැක්ම අහලකටවත් එන්න බැහැ. මහින්ද තනිකරම සාමාන්‍ය දේශපාලකයෙක්.

  6. ලලිත් සමරසිංහ​ says:

    වයස 90 ක නාකියෙකුට මොන ඇමැතිකමක්ද​. මේ මිනිසුන්ට තියෙන තන්හාව නම් මැරෙනකම්ම තනතුරු වල ඉන්නයි.

  7. බය්යා says:

    තමන් ලැබු දිවි පෙවෙතේ

    කොටසක් රට සමය වෙතේ

    පුද නොකෙළොත් නුඹෙන් පුතේ

    මෙලොවට කිසි පලක් නැතේ

Main News