චමල් රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක දිවුරයි…

February 18, 2021 at 6:48 pm | lanka C news
චමල් රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක දිවුරයි…

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම සිදු කෙරිණ.

– ජනාධිපති මාධ්‍ය අංශය

25,413 views

14 Comments to “චමල් රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක දිවුරයි…”

  1. ෂම්මි says:

    චමල් යනු පාතෝලයෙකි. එකම සුදුසුකම ලොකු අයියා වීම පමණකි. වැඩ බැරි ටාසන්.

  2. Felix says:

    Please. This post is a VV Important post and needs to appoint a trustworthy person to the post as he/she directly interact with Police and Forces. You can see anywhere in the world it is the same. So the above criticisms are baseless and given by those who have no political background or understanding. If interest, anyone can search the past history of Sri Lanka, the USA, UK, India, or any country.

Main News