චමල්, වෙල්ගම, මහින්දානන්ද ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රීලනිප 12ක් නෙරපයි..?

December 3, 2016 at 12:03 am | lanka C news
චමල්, වෙල්ගම, මහින්දානන්ද ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රීලනිප 12ක් නෙරපයි..?

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර දරමින් සිටින මන්ත‍්‍රීවරුන් තම ආසනවල පක්‍ෂ බල මණ්‌ඩල පිහිටුවීමට කටයුතු නොකලහොත් ඔවුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බව සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

හෙට දිනයේ සිට ශ‍්‍රීලනිප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ රටපුරා සියලු මැතිවරණ කොට්‌ඨාස ආවරණය කරමින් අරඹන බවද කී ඔහු ආසන සංවිධායක ධුර දරන විපක්‍ෂයේ සිටින සියළු ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන්ද සිය බල මණ්ඩල පිහිටවිය යුතු යයිද කියා සිටී.

කෙසේ වෙතත් කිසිවෙක් පක්‍ෂයෙන් බලෙන් ඉවත් කිරීමට වුවමනාවක්‌ නැතැයිද ඔහු පවසයි.

චමල් රාජපක්‍ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ඇතුලූ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 12ක් මේ වන විටත් ආසන සංවිධායක ධුර දරමින් සිටිති.

0 views
Main News