චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

October 29, 2020 at 10:40 am | lanka C news
චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් මෑතකදී ආණ්ඩුවට එක් වූ එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඊයේ රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

‘එයාලට මගේ මන්තී‍්‍රකම නැති කරන්නත් බෑ. මාව නියෝජ්‍ය ලේකම්කමෙන් අයින් කරන්නත් බෑ. සේනක උප සභාපතිකමෙන් අයින් කරන්නත් බෑ. ඒ තියා විනය පරික්‍ෂණයක්වත් තියන්න බෑ. මහලේකම් කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ.
කිංග්ස් නෙල්සන් මහින්ද මහත්තයා හම්බවුනේ සේනකයි මමයි ඉස්සරහ. චමින්දයි, හේෂායි. මයන්තයි ගේන්න කොන්ත‍්‍රාත් එක කලේ තිස්ස අත්තනායක.
ඡුන්දෙ දවසේ උදේ චමින්දයි, හේෂයි හිටියේ අපේ ගෙදර. ලොක්කා කිව්වා ඒ අයට අද එන්න එපා අය වැයේදී ගන්නම් කියලා. ජලනි කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ’ යයිද ඇය හෙලිදරවු කලාය.

 

165,418 views

29 Comments to “චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?”

  1. kure says:

    Ayahapath kaalaya gewi yanathuru aanduwe elli sitimin waraprasaada labaa ganima mayantha athulu pirise aramunai

  2. Kandy whip says:

    Now UNPers will understand how weak leader is Sajith and how Ranil W was right about SJB

  3. Sarathkumaramudannayake says:

    ජනජනතාවගෙන් කතිරෙන් දියවන්නාව තරණය කරල,ඒ මිනිසුන්ව අමතක කරල මුදලට විකිණෙන වා නම් ඒක හරිම වැරදයි.ඩයනා නෝනා කින්නේ බොරු නොවෙයිනේ නේද?
    තිස්ස අත්තනායක මහත්තයා ත් කාලයක් රජ්ජුරුවෝ ලඟ සිටියානෙ දෑත ශක්තිමත් කරන්නට කියල…
    කවිද අකමැති මුදල් වලට?????

Main News