චම්පිකගෙන් දරුණු ප්‍රහාරයක්.. ඉලක්කය සජිත්ද…?
January 26, 2019 at 3:29 am | lanka C news
මහා සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ පුතුන් දෙදෙනාම ගීත ගායනා කළ ද පියාගේ තත්ත්වයට ඒමට ඔවුන්ට නොහැකි වූ බවත් ගාමිණී ෆොන්සේකා ගේ පුත්‍රයා ද රඟපෑමට එක් වුවද පියා මෙන් මහා නංවා ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණු බවත් ඇමති චම්පික රණවක පවසයි.
එම ක්ෂෙත්රයන්හි මේ වන විට ඇති තරගකාරීත්වය හේතුවෙන් පුත්‍රයන්ට එම තත්ත්වයට ඒමට නොහැකි වූ බවද ඔහු පැවසීය.
අර්ජුන රණතුංග මහතාගේ පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩා කලද ඔහුගේ පුත්‍රයාට පියා කල දේ කිරීමට නොහැකි වූ බවත් ඊට හේතුව ක්‍රීඩා අංශයේ ඇති තරඟකාරීත්වය බවත් රණමක මහතා සඳහන් කළේය.
නමුත් මෙම තත්ත්වය දේශපාලනව තුල තිබෙන බවත් එම තත්ත්වය ඉදිරියේ දී විසඳාගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් සිදුකළ බවට සමාජ ජාලයන්හි ප්‍රතිචාර පළ වෙමින් ඇත.
චම්පකය මොන පල් හෑලි සහ වැල්වටාරම් දෙඩුවත් ඊලඟ චන්දෙදි ගෙදර තමය්.
සජිත් සහ චම්පක යනු දේශපාලනයේ අත්දැකීම් බහුල දේශපාලුවන්.
ඔවුන් ජනතා මුදලින් කෝටි ගණන් පඩි ලබා තිබෙනවා.
ඔවුන්ගෙන් රටට, ජනතාවට සිදුවූ සේවය කුමක්ද මිත්‍රවරුණි?
මේකා කරපු වලත්ත කම් ජඩකම් හොරකම් මුගේ දරුවෝ කරයිද දන්නේ නැහැ . හැබැයි මුගේ පවුලේ නම් අයියා කෙනෙක් ඉඳලා බීලා බීලා මීට අවුරුදු කීපෙකට ඉස්සර මලා.
Samahara daruwo thaththa karapu dewal nokarana eka hondatama hondai .
චම්පකය මේ කියන්නේ වෙනින් කවුරුවත් ගැනනොව විජේවීරගේ පුතා උවිඳු විජේවීර ගැනය.
උවිදු විජේවීර කොහෙ ජනතා හිත වාදිවෙන්නද.? ඔය ජෙප්පන්ට මේ කපේදි දිනන්න බෑ…මේ පාට 3 අයින් කරලා අලුතින් පටන් ගන්න ඔනි ජනතා හිතවාදි නායෙකයෙක් යටතේ ලංකාව දිනවන , ලංකාව ලෝකයේ අංක එකෙ දියුණු රටක් කරන්න පුලුවන්…ජනතානායකයෙකුට…බැරි නෑ අවු:15 පුළුවන් ලඞකව හදන්න.