ජනපති අණින් චම්පික ව්‍යවස්ථා සභාවෙන් ඉවතට..

September 14, 2018 at 4:40 pm | lanka C news
ජනපති අණින් චම්පික ව්‍යවස්ථා සභාවෙන් ඉවතට..

ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයෙකු ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස ඇමති මහින්ද සමරසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

මෙතෙක් ජනාධිපතිවරයා ගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථා සභාව නියෝජනය කල ඇමති චම්පික රණවක මහතාගේ කාලය ඉකුත් වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙම නව පත් කිරීම සිදු කර ඇත.

නව පොලිස්පති වරයකු පත් කර ගැනීම සඳහා පසුගියදා පැවති සංවාදයේදී ජනාධිපතිවරයා ගේ අදහස වූයේ ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති SM වික්රමසිංහ මහතා පොලිස් පති ධුරයට පත්කළ යුතු බවයි.

නමුත්ජනාධිපතිවරයා නියෝජනය කරමින් ව්‍යවස්ථා සභාව නියෝජනය කළ ඇමති චම්පික රණවක සහයෝගය දක්වන ලද්දේ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම තනතුරට පත් කිරීම සඳහාය.

එමෙන්ම ඇමති චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නෙකු වන අතර දැන් පත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙකි

22 views
Main News