චම්පිකගේ කුහකකමයි, ඊර්ෂ්‍යාවයි නිසා කුණු කන්ද කඩා වැටුනා.. මට ලකුණු වැටෙයි කියා බය වුණා..- මහ ඇමති ලූණු ඇඹුලෙන්ම කියයි..[Video]

April 18, 2017 at 9:20 am | lanka C news
චම්පිකගේ කුහකකමයි, ඊර්ෂ්‍යාවයි නිසා කුණු කන්ද කඩා වැටුනා.. මට ලකුණු වැටෙයි කියා බය වුණා..- මහ ඇමති ලූණු ඇඹුලෙන්ම කියයි..[Video]

මීතොටමුල්ල කුණු කන්දට යටවී මිනිසුන් ගණනාවක් මිය යන තත්වයට පත් වූයේ බස්නාහිර පළාත් සභාවේ යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉඩ නොදීම නිසා බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

තමන් විසින් යෝජනා කල ව්‍යාපෘතිය සාර්තක වුවහොත් තමනට ලකුණු වැටෙනු ඇතැයි බියවූ ඇතැමුන්ගේ කුහකකම හා ඊර්ෂ්‍යාව නිසා මෙම මහා ඛේදවාචකයට අද මුහුණු දීමට සිදුව ඇතැයිද කී ඔහු අදද මෙම කුණු කන්දේ ප‍්‍රශ්නය විසදීමට තමන්ට හැකි බවද කියා සිටී.

නාගරික සංවර්ධන අධිකාරිය බාර ඇමතිවරයා වන්නේ චම්පික රණවක වන අතර කුණු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් මහ ඇමතිවරයා මීට පෙරද ඔහුට සෘජුව චෝදනා එල්ල කලේය.

120 views
Main News