චම්පිකගේ මව අවසන් ගමන් යයි.. අවසන් කටයුතු අද පස්වරුවේ..

June 3, 2017 at 8:02 am | lanka C news
චම්පිකගේ මව අවසන් ගමන් යයි.. අවසන් කටයුතු අද පස්වරුවේ..

ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාඨලී චම්පික රණවකගේ මව වන ඒ. ලිලීනෝනා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ 38 වසරක් සේවයෙන් පසු විශ‍්‍රාමිකව දිවි ගෙවූ ඇය මිය යන විට 84 වන වියේ පසුවූවාය.

හොරණ බුලත්සිංහල නිවසේ දේහය මේ වන විට තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු අද (03) පස්වරුවේ බෝතලේගම සුසාන භූමියේදී සිදුකරනු ලබයි.

72 views
Main News