චම්පිකගේ මෙගා ඩීල් මාට්ටුයි.. බිලියන බාගයකට චුට්ටක් වැඩියි..

July 14, 2017 at 3:50 pm | lanka C news
චම්පිකගේ මෙගා ඩීල් මාට්ටුයි.. බිලියන බාගයකට චුට්ටක් වැඩියි..

විදුලිබල අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ඇමැති චම්පික රණවක ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ මුදල් ලක්ෂ ගණනක් විහාරස්ථානවල පරිත්‍යාගවලට යොදවා ඇති බව හෙළිදරව් වී ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසයි.

2011 වසරේ ඇමැති චම්පික රණවකගේ පරිත්‍යාග ලෙස විහාරස්ථානවලට මුදල් යෙදවූ අන්දමට වත්මන් විෂය භාර අමාත්‍යවරයාද එම ක්‍රියාවම සිදු කර ඇති බවත් එක් වසරක් තුළදී පමණක් එසේ දී ඇති මුදල රුපියල් ලක්ෂ 150 – 200ක් පමණ වන බව ගණන් බැලීමේදී පෙන්නුම් කරන බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයට සියයට 63ක කොටස් හිමිකාරිත්වයක් දරන ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ සේවකයන්ට හිමි ලාභාංශ මෙසේ අවභාවිත වී ඇති බව පවසා ඒ මහතා ප්‍රකාශ කළේ එම මුදල් නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකට අයත් තේ කර්මාන්ත ශාලාවකට ගත් ණය පොලී ගෙවීමටද යොදවා ඇති බවයි.

ඒ මහතා පවසන්නේ විවිධ අමාත්‍යාංශවල ඉන්ධන වියදම්වලට මෙන්ම 2010 වසරේ පමණක් ත්‍යාග ලබාදීමට රුපියල් ලක්ෂ 60ක්ද විවිධ අමාත්‍යාංශ බලධාරීන් අදාළ සමාගමේ සේවකයන්ට හිමි ලාභාංශ යොදවා ඇති බවත් එම සමාගමේම ඉහළ නිලධාරීන්ගේ ගිණුම්වලට විටෙක රුපියල් මිලියන 180ක්ද තවත් විටෙක මිලියන 160ක් හා මිලියන 189ක් ආකාරයට රුපියල් මිලියන 549ක් බැර කරගෙන ඇති බවත් කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී පැවසීය.

– මව්බිම

57 views
Main News