චම්පිකගේ රියදුරුගේ බිරිද උපරිමාධිකරණයේ නඩු දමයි..

December 24, 2019 at 2:10 pm | lanka C news
චම්පිකගේ රියදුරුගේ බිරිද උපරිමාධිකරණයේ නඩු දමයි..

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව අද(24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බව ඇය පෙන්වා දෙයි.

එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

– adaderana

315 views

31 Comments to “චම්පිකගේ රියදුරුගේ බිරිද උපරිමාධිකරණයේ නඩු දමයි..”

  1. මාරයා says:

    නියමයි නැගණිය ඔබට ජය !

  2. Me says:

    මාතර සුනිල් ගේද පොඩි බයියාගෙද කුලී මුදල් බැංකුවට යැව්වා.

  3. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    රජයේ මුග්ධ වියරැ බලකාමයට එරෙහිව නොබියව ඉදිරිපත්වන ඔබ වීර කාන්තාවක්.
    දේශපාලනඥයින්ගේ පදේට නටන මෙවන් පොලිස් නිළධාරීන් නීතියෙන් මටිටු කළ යුතුයි.
    දැන් නීතිඥයින්ටයි, වන්දි මුදලුයි පුද්ගලික සල්ලිවලින් ගෙවන්න වෙයි.

    • යකෝ තොගේ හොර ගෑණිගේ ලමයට ඔහොම වුනානම් තෝ නව ගුණ වැල ගනිනවාද. කාළකන්නි යහපාලු පිස්පියා. තොපි මොන අවලං වැඩ කලත් නිවැරිදියි. එක එක නම් දාගෙන අතිඋතුම් බෞද්ධ දර්ශනය විකෘති කරන්න එපා කාළකණ්නියෝ.

    • ලෙබ්බේ says:

      චීවරේ දාගන්න ඉස්සෙලා නේද කොන කපා ගත්තේ ලොකු උන්නැහේ.

  4. Upul says:

    My opinion on this is, if anyone does an illegal thing, then, as public we should point that out. Nobody should try to give excuses to justify an illegal thing.

  5. HENA says:

    තීගේ මිනිහ බොරුගොතා අහිංසක තරුණයෙක්ව අබාධිත කල නරුමයෙක් වෙනුවෙන් පෙනිසිට ඒ කරපු දෙය සදාචාරසම්පන්නද? තී දෙවරක් නොව තුන් හතරවරක් මේගැන සිතාපන් අනුන්ගේ විෂගුලි ගිලීමට පේර.එය තී පිටුපස හඹා එවි නුදුරු දිනකදී සත්‍ය දුටුවිට!

    deshapaluwan ta kade yana sakkili haththa ..

  6. වරදට දඬුවම නියතයි says:

    ආලාපාළු වෙනුවට රියදුරුගේ වගකීම භාරගෙන උසාවියට ඉදිරිපත්වුන එකට ඇඩ්වාන්ස් එකක් විතරයි ලැබුනේ. මේ කතන්දරේ වනවුණාම, ආලාපාළු හිරේ ගියාම රියදුරුගේ වගකීම භාරගෙන උසාවියට ඉදිරිපත්වුන එකට ඉතිරිමුදල් ගන්නේ කාගෙන්ද? ඒ මුදල පොලිසියෙන්හරි ගන්න ඕන. ලේසිම ක්‍රමේ මූලික
    \අයිතිය කැඩුවා කියල නඩු දමන එකයි. වෙලාවට නන්දම්මත් හිටියේ. නැතිනම් ලිංගික බලහත්කාරකම් කලා කියල තවත් ලොකු වන්දියන් ගන්න තිබුණා.

  7. Sri lankan says:

    Bothalayak hilata bassa ganna beri dukata paatalita kiyala.. lawyerla ehema me hadissiye kohenda..

Main News