චම්පිකගේ රියදුරුගේ බිරිද උපරිමාධිකරණයේ නඩු දමයි..

December 24, 2019 at 2:10 pm | lanka C news
චම්පිකගේ රියදුරුගේ බිරිද උපරිමාධිකරණයේ නඩු දමයි..

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව අද(24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බව ඇය පෙන්වා දෙයි.

එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

– adaderana

317 views

31 Comments to “චම්පිකගේ රියදුරුගේ බිරිද උපරිමාධිකරණයේ නඩු දමයි..”

  1. Alapaluwa says:

    තීගේ මිනිහ බොරුගොතා අහිංසක තරුණයෙක්ව අබාධිත කල නරුමයෙක් වෙනුවෙන් පෙනිසිට ඒ කරපු දෙය සදාචාරසම්පන්නද? තී දෙවරක් නොව තුන් හතරවරක් මේගැන සිතාපන් අනුන්ගේ විෂගුලි ගිලීමට පේර.එය තී පිටුපස හඹා එවි නුදුරු දිනකදී සත්‍ය දුටුවිට!

    • Ratavesiya says:

      What happened to fundamental rights of citizens during the last five years?

      1. How many months wimal W was in prison? For what?
      2. How many months Udaya was in prison?
      3. How long Yoshitha, Namal, Aluthgamage, Gamini Senerath , Uduwe Dhammaloka Thero were in remand custody?

      4. How many occasions MR and Gota were summoned by various commissions?
      Only now everybody is talking about human rights!

    • පලයන් ගොං බූරුවො. මොන රටේ තියෙන නීතියක්ද මිනිහ කරපු වැරදි වලට ගෑණියි කිරිබොන අතදරුවෙකුයි වයසක අම්මයි උස්සන්නෙ? තො⁣ට මේක උනානම් තෝ මොකද කරන්නෙ? ⁣අනික මේ මිනිහ කල වරද මොකද්ද? රිය අනතුරක් වුනා. ඒකට දඩ ගෙවුවා නඩුව ගියා. එච්චරයි. පිටුපස වම් පැත්තෙ රෝදයට පිටුපසින් ඇවිත් හැප්පුවහම නීතිය මොකද්ද කියල හොයල බලපන්. අද කීව කියල ලියල තියාගනින් දඩයක් ගහනවට එහා දෙයක් කරන්න බෑ මේ නඩුුවආයෙ අහල වරදකරු කලත්.

  2. Alapaluwa says:

    තීගේ මිනිහ බොරුගොතා අහිංසක තරුණයෙක්ව අබාධිත කල නරුමයෙක් වෙනුවෙන් පෙනිසිට ඒ කරපු දෙය සදාචාරසම්පන්නද? තී දෙවරක් නොව තුන් හතරවරක් මේගැන සිතාපන් අනුන්ගේ විෂගුලි ගිලීමට පේර.එහි පළවිපාක තී පිටුපස හඹා එවි නුදුරු දිනකදී සත්‍ය දුටුවිට!!!!! එදාට ඔය අත දරුවා සමග අතරමංවුවිට තිට කිසිවෙකු නැති බව තරයේම සිතට ගනු!@#

    • මාරයා says:

      තෝ තර්ජනය කරන්නේ රාජ උෂ්නේද

    • jsk says:

      මේ ගෑනිගෙ මිනිහටත් කරන්න දෙයක් නැතිවෙන්න ඇති. චම්පුකය ප්‍රෙශර් එක දාන්න ඇති මේ අනතුර ගැන ඉදිරිපත් වෙන්න කියලා. පහුගිය දවස් වල පොලිසියෙන් මූ කට්ටි පැන පැන හිටල ගෑනිව අරන් ගිහින් ප්‍රශ්න කරන කොට රත්වෙන්න ඇති. දන් ඌත් අධිකරනයට බාරවෙලා. පොලිසිය කළ වැඩේ හොඳයි කියනව නෙවි නමුත් මේක සාමාන්‍ය උපක්‍රමයක්.

  3. 👀👀🦅🦅🦅 says:

    මූලික අයිතිවාසිකම් උල්ලංගනය කරලා
    අසරණ දරුවකු දැනුවත්ම ඔත්පල කරලා
    තම දරුව ගැන පමනක් අතදරුව කරලා
    ඇත්ත රියදුරු පෙනේ නීතිය ගරු කරලා

  4. මාතර සුනිල් says:

    පැනගෙන මුට්ටිය අල්ලන්න ගිහින් මෝඩ පොලිස් කාරයෝ ඉල්ලන් කෑවා.

  5. පොඩි බයියා says:

    නියමයි, අතාරින්න එපා. නීතිය නමනව කියල කෑගහල බලයට ආපු එවුන් දැන් නීතිය ගනිකා වෘත්තියෙ යොදවනව.

    • පෑඩ් ප්‍රේමදාස says:

      කිරි අප්පට බල්ලො පැනපි කිවුවලු!
      මේ නිල මැස්සා උඩ ගිහින්ල තියෙන තරමක්!
      උඹද දැන් ඒ ගෑණිගෙ පුක පිහදාන්නෙ?

  6. පොඩි බයියා says:

    ආලාපාලුවො, මුගේ බයික් එක ඇවිල්ල තොගේ් ගෑනිගෙ පස්ස පැත්තෙ හැප්පුව නම් තොට තේරේවි මුගේ අහිංසක කම

    • Alapaluwa says:

      මෝඩ පොඩි බයියෝ තොට නොපෙනේද පිටුපසින් නොව වැඩි තිබෙන්නේ දකුණු පැත්තේ පිටුපස දොර අභියස බව. පෙනෙන විදියට තොට ඉස්සරහා පස්ස අඳුනන බයියෙක් බවයි.ප්‍රටහමයෙන් මාර්ග නිතිය හරිය අද්‍යානය කර වරෙන් තර්ක වලට ප්‍රථම.

      • Ranil says:

        Champika was remanded not on account of the accident but for misleading the courts by producing an another fellow as the driver responsible for the accident.

        You read the details before making comments!

      • Alapaluwa තෝ කිඹුලෙකුට ජාතක වුන නගුටෙක්. උඔ ඉස්සෙල්ලා වාස්තු විද්‍යාව ඉගෙන ගනින්.ඊට පස්සේ තර්ක කරපං. ගාෙන් යකා

        • Alapaluwa says:

          ගොං වස්සෝ මට හරි සතුටුයි නුඹලා මෙසේ සතුට මා සමග බෙදා ගැනීම ගැන ම ඒ සම්බන්දව කිසිම අමනාපයක් නැත.නමුත් වාස්තු විද්‍යාව ගැන නං එතරම් පැදීමක් කිසිසේත් නැත.ඇසුවට අමනාප නොවන්න නුඹත් අර මොනරගලේ අකලට හිදුණු වැවේ සිටින කිම්බුලෙක්ද? අන්න එයයි මට තිබෙන ලොකුම කනස්සල්ල!!

      • hila says:

        චම්පුකයගෙ කුලියට කොටන වලත්ත රැල යමරෙටම වැඩ නේද? ජඩපාලනය නීතිය නමන කොට මුං ටිංකිරි පිහිද පිහිද නිටියද මන්දා.

  7. රටවැසි says:

    මේ පෙන්වන්නේ මෝඩ කම ම විතරයි . ආපහු හැරිලා ඇස් ඇරලා බලනවා නම් මෝඩකම් කරන්න ගිහින් අමාරුවේ වැටුනු හැටි පෙනේවි . සතියක් ඇතුලත .

  8. David Milli-banda says:

    Usawiyath bakal gahanawa wage………..

  9. gamarala says:

    මායම් 64 ට අසු නොවෙමු

  10. unge hamudawa says:

    මේ ගෙනිටත් සුවිස් එම්බසි එකේ කකුසි හෝදන ජෝබෙක ෂුවර ෂොට් පචකයට පිහිටෙන්

Main News