චම්පිකගේ රියේ හැපුනු සන්දීප් අට මාසයකට පසු ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ..

October 5, 2016 at 9:20 am | lanka C news
චම්පිකගේ රියේ හැපුනු සන්දීප් අට මාසයකට පසු ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ..

මහ නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ යතුරුපැදිය ගැටී බරපතළ තුවාල ලබා මාස අටක්‌ පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් සම්පත් තරුණයා සුවය ලබා හෝමාගම පිටිපන පිහිටි සිය නිවසට ගොස්‌ ඇත.

සන්දීප් ඉකුත් පෙබරවාරි 28 දා රාත්‍රි රාජගිරියේදී ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක්‌ ප්‍රතිකාර ලැබීය. පසුව ඔහු රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

අනතුර සිදුවන අවස්‌ථාවේ ඇමැතිවරයා ජීප් රියේ ගමන් නොකළ බවට පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි විය.

රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි තම පුත්‍රයාට තවමත් සමබරව ඇවිදගත නොහැකි බව සන්දීප්ගේ පියා වූ දයානන්ද ගුණවර්ධන මහතා පැවසීය.

ලබන 18 වැනිදා සන්දීප්ට තවත් සැත්කමක්‌ සිදු කිරීමට නියමිතය.

– Divaina

6 views

4 Comments to “චම්පිකගේ රියේ හැපුනු සන්දීප් අට මාසයකට පසු ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ..”

  1. nisha says:

    පුදුම සතුටක් දැනෙනවා. ඔබට සියලු දෙවි රැකවරණයි සන්දීප් පුතේ.

  2. RW says:

    I do not know how this accident occurred whether Minister’s fault or this this young man’s fault. But one thing is sure. We will lose lot of young lives due to the negligence and irresponsible driving of Motor cyclists and three wheel drivers. They are becoming a serious menace to road users.

  3. Dickie Bird says:

    Onna !!!!!!!!!! Danger………………….
    Champikayo……….. maraya dan hoyagena passen enwa.
    saramata yatin kota kalisamak andagena hitapan. Sarama kada dama duwanna.

    Cricketer, Nuwan Kulasekera set a good example though it was not his fault.
    Champikaya substituted with a driver.

    Menna yahapalana haraya.

  4. ගමේජ් says:

    අන්තිමේදී සන්දීප්ගෙ අනතුර නිසා අපට කුජීත වූ පොලිස්පතියෙකුත් ලැබුණා… දන්නෝ දනිති..

Main News