චම්පික පැන ගියත් ජනපති පිහිට වෙයි.. චම්පිකගේ වාහනයේ හැපී එක්තැන් වූ සන්දීප්ට ජනාධිපති සරණ වෙයි..

March 28, 2019 at 3:00 pm | lanka C news
චම්පික පැන ගියත් ජනපති පිහිට වෙයි.. චම්පිකගේ වාහනයේ හැපී එක්තැන් වූ සන්දීප්ට ජනාධිපති සරණ වෙයි..

දැනට වසර දෙකකට පමණ පෙර ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ හැපීම ඇවිදීමට නොහැකිව එක්තැන්ව සිටින සන්දීප් සම්පත් ගුණවර්ධන තරුණයාට ඉදිරි වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

වසර දෙකකට පමණ පෙර රාජගිරියේදී මෙම අනතුර සිදුවූයේ රාත‍්‍රි කාලයේදී වන අතර වාහනය පැදවූයේ චම්පික රණවක මහතා විසින් යයි ඇසින් දුටු අය එකල චෝදනා කලහ.

පසුව අධිකරණ කටයුතු වලදී ඒ බවත් තහවරු නොවීය.

තුවාල ලත් සන්දීප්ට වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ දීර්ඝ කාලීනව ප‍්‍රතිකාර කල යුතු බවත් ඔහු බොහෝ කාලයක් එක්තැන්ව සිටිනු ඇති බවටත්ය.

තම පුතා හැප්පුනේ ඇමති චම්පික රණවක විසින් පැදවූ වාහනයේම බවට ඇසිත් දුටු සාක්‍ෂි ඇතත් එය අධිකරණය හමුවේ ඔප්පු කර ගත නොහැකි වූ බව සන්දිප්ගේ දෙමාපියන් ජනපතිට පවසා ඇත.

තමන් තම රෝගී දරුවාද සමගින් දැන් පත්ව සිටින්නේ අන්ත අසරණ තත්වයකට බවත් ඔවුහු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ හැඬු කදුලිනි.

114 views
Main News