චම්පිකගේ වැය ශිර්ෂය පරදවන්න කිරිඇල්ල හා කබීර්ගෙන් උදවු.. විපක්‍ෂ මන්ත‍්‍රීන් ස්තුති කරයි..

March 29, 2019 at 3:00 pm | lanka C news
චම්පිකගේ වැය ශිර්ෂය පරදවන්න කිරිඇල්ල හා කබීර්ගෙන් උදවු.. විපක්‍ෂ මන්ත‍්‍රීන් ස්තුති කරයි..

තම අමාත්‍යංශ වැය ශීර්ෂය ඇතුළු අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාජය වූයේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වැය ශිර්ෂයන් ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජය වීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ග ගැන තව දුරටත් සාකච්චා කරමින් සිටින බවද ඔහු සදහන් කලේය.

මේ අතර ඇමති චම්පිකගේ වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිනි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල හා ඇමති කබීර් හෂීම්ට විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් ස්තුති කර ඇති බව වාර්තා වෙයි.

‘ඔන්න අපි කියපු විදිහටම කලා’ යයි කියමින් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඇමතිවරුන් දෙදෙනාට කියද්දී ඔවුන් කිසිත් නොකියා සිනා සී ඇති බවද සදහන්ය.

137 views

2 Comments to “චම්පිකගේ වැය ශිර්ෂය පරදවන්න කිරිඇල්ල හා කබීර්ගෙන් උදවු.. විපක්‍ෂ මන්ත‍්‍රීන් ස්තුති කරයි..”

  1. 3 wana donguwan says:

    ara pachage golaya nishanthage wayairsayatath basnahira palatha sabawedi okama une .hoda wade.

  2. gamarala says:

    රණවක ට කියන්නේ බලමාලු කැවනම් කහපන් බලලෝ කියලා

Main News