චම්පිකටත් ගැලවීමක් නෑ.. රාජගිරි අනතුර ගැන පොලිස්පතිගෙන් ප‍්‍රශ්න කරයි..

December 31, 2019 at 4:40 pm | lanka C news
චම්පිකටත් ගැලවීමක් නෑ.. රාජගිරි අනතුර ගැන පොලිස්පතිගෙන් ප‍්‍රශ්න කරයි..

හිටපු ඇමති චම්පික රණවකට චෝදනා එල්ල වන රාජගිරියේ 2016 වසරේදී රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් එවකට කොළඹ දිසාව භාරව කටයුතු කළ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර අද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

ඒ අනුව බන්ධනාගාරය වෙත ගොස් ඔවුන් විසින් එම ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වෙයි.

අදාළ චෝදනාව මත චම්පික රණවක හිටපු ඇමැතිවරයා දින කිහිපයක් හිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර තිබේ.

26,605 Viewers

5 Comments to “චම්පිකටත් ගැලවීමක් නෑ.. රාජගිරි අනතුර ගැන පොලිස්පතිගෙන් ප‍්‍රශ්න කරයි..”

  1. stupididiot says:

    හිතාමතා නොකළ නැත්නම් නීතිවිරෝධී යතුරු පැදියක් සම්බන්ධව රිය අනතුරක් පස්සෙ පන්නන පැන්නිල්ලක් මේ වගේ කී ගුණයක් මහ බැංකු සිද්ධියට තියෙන්න ඕනද ඒකෙන් හැබෑවටම රටට පාඩුවක් උනා. ඒකට සම්බන්ධ දේශපාලුවො ගැන මුකුත් නෑ. මේවට තමයි කියන්නෙ ආණ්ඩු පෙරලන ඔරිජිනල් ප්ලෑන් කියල,

    • ලෙබ්බේ says:

      ලියල තියන එකාගේ නමෙන්ම උගේ මොලේ ගැන තේරෙනවා. මහා බැංකුවේ නාඩගම ලගදීම නටන කොට ඉස්පිරිතාල මදි වෙයි සමනල රෑනට නවතින්න.

  2. Mage adahasa says:

    නමුත් හිතා මතා අදිකරණය නොමග යැවීම බරපතල ලෙස දඩුවම් ලැබියයුතු වරදකි

  3. Saradiel says:

    රාජිතට චම්පිකට වෙන්න යන්නේ කකුලුවට උනදේ හැලියේ වතුර උනුවෙනවිට මුන්ට තවත් මරණ බය ලගදීම

  4. Angoda Buva says:

    මේ ඔක්කොම අපිව අන්දන්න දාන පඩ ෂෝ විතරයි.

    මේව දාල ඔයාලත් නිකන් කිච වෙනවා අපරාධෙ.

Main News