චම්පිකට එජාප ලොකු තනතුරක් දෙන සජිත්ගේ කතාවට එජාප ලොක්කෝ විරුද්ද වෙති.. ප‍්‍රසිද්ධියේ විරෝධය පාති..

January 15, 2020 at 3:22 am | lanka C news
චම්පිකට එජාප ලොකු තනතුරක් දෙන සජිත්ගේ කතාවට එජාප ලොක්කෝ විරුද්ද වෙති.. ප‍්‍රසිද්ධියේ විරෝධය පාති..

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගෙන පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් විරෝධය පළ කරයි.

එජාපයේ ඉහළ තනතුරුවලට කිසිවකු පත්කරනු එක් පුද්ගලයෙකුගේ හිතුමතේට නොව විධිමත් යෝජනාවක් කෘත්‍යධිකාරි මණ්ඩලයෙන් සම්මත කිරීමෙන් පසුව බව එජාප මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරයි.

දැනට කෘත්‍යාධිකාරී මණ්ඩලය අහෝසි වී ඇති නිසා එවැන්නක් කිරීමට නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කර එහි අනුමැතිය ලබාගත යුතු බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද කියා සිටියේ එජාපයේ තනතුරුවලට කිසිවකු පත් කරන්නට පෙර ඔහු පක්ෂයේ සාමාජිකයෙකු විය යුතු බවත් එවන් පත් කිරීමත් සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනාවක් සම්මත කරගැනීම අනිවාර්ය බවත් ය.

පසුගිය ජනාධිපතිවරණයේදී චම්පික රණවක මහතා නියෝජනය කළ ආසනය ඡන්ද හැටදාහකින් පරාජයට පත්වීම සම්බන්ධයෙන් ද එජාප ජේෂ්ඨයන් ප්‍රශ්න කර ඇත.

29,101 Viewers

6 Comments to “චම්පිකට එජාප ලොකු තනතුරක් දෙන සජිත්ගේ කතාවට එජාප ලොක්කෝ විරුද්ද වෙති.. ප‍්‍රසිද්ධියේ විරෝධය පාති..”

  1. Rata Wenuwen says:

    මුන් දෙන්නම පෑඩ් සජියා සහා පච වකයා එකට බඩු ගහන ද්විලින්ඟිකයෝ

  2. exUNPer V says:

    60,000 කින් පැරදුනා නම් ඒක හොඳම සුදුසුකමක් නේ. හම්බන්තොට පැරදුන එකා නායකයා වෙන පක්ෂේ නේ.

  3. Nawum Mawatha says:

    Whatever the UNP leaders think Champika is going to get lot of power in UNP
    Without him UNP cannot get Buddhist votes. Sajith knows it and he should make Champika the deputy party leader once Sajith get his party leadership. People like Ravi, Akila, are a curse to Our party

  4. Wijebahu says:

    Sajith Champika is a great combination. This is what whole country needs to move to the next level. Get rid of all old zombies who have no more new ideas.

  5. ගරසරප says:

    චම්පික කියන්නෙ ජත්‍යන්තර සබදතා තියන කෙනෙක් . ඔහු නැතිව සජිත්ට ඉදිරියට යන්න බෑ. අවුල තියෙන්නේ ඔය දෙන්නම වෙන්න ටොය්යො. රියල් ටොය්යො එජාප බලය අතාරින්න මැලි වෙනවා.

Leave a Comment

Main News