චම්පිකට එරෙහි චෝදනා ගැන තව වැදගත් සාක්‍ෂි සොයා පූජිතගෙන් ප‍්‍රශ්න කරයි..

December 21, 2019 at 3:50 pm | lanka C news
චම්පිකට එරෙහි චෝදනා ගැන තව වැදගත් සාක්‍ෂි සොයා පූජිතගෙන් ප‍්‍රශ්න කරයි..

හිටපු ඇමති චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වන එල්ලවන චෝදනාව ගැන එවකට කොළඹ දිසාව භාරව කටයුතු කල වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ප්‍රශ්න කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ආන්දෝලනාත්මක අනතුර වූ දිනයේ චම්පික රණවක සහ පූජිත පූජිත ජයසුන්දර අතර එකඟතාවයක් මත කැමරා දර්ශන මැකී ගිය බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ.

එමෙන්ම ඔහුගේ නියෝගය පරිදි පොලිසියේ සාක්ෂි සටහන් වෙනස් කළේ යැයි ද චෝදනා එල්ල වෙයි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක්ද සිදු කර ඇත.

පොලිස්පති පූජිත ජයසුන්දර මේ වන විට අනිවාර්ය නිවාඩු යවා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි එල්ල වූ චෝදනා මතයි.

220 views

5 Comments to “චම්පිකට එරෙහි චෝදනා ගැන තව වැදගත් සාක්‍ෂි සොයා පූජිතගෙන් ප‍්‍රශ්න කරයි..”

  1. Ajuthya says:

    Karana kalata pawu mihiriya risise, vindina kalata duk dadiweyi ginise!
    Neethiya nawanna giyahama, kawadahari thamantath nawenna wena bawa danagena jeewath wunanam ohoma wenne nathoooo….!!!!

    • 👀👀👀😡😡 says:

      සාපය නොපෙනේය ගතට දැනුන සුළඟ වගේ
      කෝපය මුහුනෙන්ම පෙනේ කරපු වැරදි වගේ
      දහමෙ කියා දී ඇත කර්මය දඬුවම දරුණු වගේ
      සත්ත එදා කීවනම් යටහිත අද සමාව දීල වගේ

  2. Sun says:

    Please get rid of these fellows involved in these dirty work in the legal system of the country . Give the maximum punishment.

  3. සරා says:

    පුජිතට නඩු කිහිපයකටම හිරේ යන්න ‌ෙවෙනවා.හරියට රාජිතට වගේ

  4. Cosmic ray says:

    yes Sir, No Sir, I will not arrest nilame Sir, I can bend the law sir.

Main News