චම්පිකට කෑම ලෑස්තියි.. අධිචෝදනා ගොනු කෙරේ..

June 24, 2020 at 12:00 pm | lanka C news
චම්පිකට කෑම ලෑස්තියි.. අධිචෝදනා ගොනු කෙරේ..

ජාතික හෙළ උරුමයේ මහලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට අද මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු ඇමති චම්පික රණවක ඔහුගේ රියදුරා ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව වෙන්වෙන්ව අධිකරණයේ නඩු පවරන බව ද නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත.

2012 වසරේදී රාජගිරියේ තරුණයකු රිය අනතුරක් කර පලායාම, රියදුරු මාරු කිරීම, අධිකරණය නොමග යැවීම ඇතුළු චෝදනා යටතේ නඩු පවරන බව දිලීප පීරිස් මහතා සඳහන් කළේය.

419 views
Main News