චම්පිකට ජනාධිපති බලතල සහිත අලූත් ඇමති ධුරයක් දෙයි..

October 23, 2016 at 2:10 pm | lanka C news
චම්පිකට ජනාධිපති බලතල සහිත අලූත් ඇමති ධුරයක් දෙයි..

ඇමති චම්පික රණවක මහතාට රාජ්‍ය ආරක්‍ෂව සම්බන්ධයෙන් ඉහල වගකීමක් පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂාව සහ ආරක්‍ෂක අංශ ගැන වගකියන නව සක්‍රීය ඇමැති තනතුරක් ඇති කිරීමට නියමිත බවද ආරංචි මාර්ග පවසයි.

ඉන් පසු එම තනතුර සදහා චම්පික රණවක මහතා පත් කරනු ඇතැයිද සදහන්ය.

මෙරට ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය නායකයා සේනාධිනායකයා වන අතර ආරක්‍ෂක ඇමති ධුරයද ජනාධිපතිවරයා දරයි.

142 views
Main News