චම්පිකට වෙනස තිත්ත වේ.. ඇමැතිකමෙන් ඉල්ලා අස්වී ස්වාධීන වෙන්න යයි.. පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

October 28, 2017 at 1:20 pm | lanka C news
චම්පිකට වෙනස තිත්ත වේ.. ඇමැතිකමෙන් ඉල්ලා අස්වී ස්වාධීන වෙන්න යයි.. පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කරන බව පැවැසූ ප‍්‍රතිපාදන කිසිවක් නියමිත පරිදි ලැබී නැති නිසා, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් සමඟ සාකච්ඡා කොට විසදුමක් ලබා ගත නොහැකි නම් ඇමැති ධුරයෙන් ඉවත් වී ස්වාධීන මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීම පිළිබඳව පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අවධානය යොමු කර තිබේ.

අදාළ අමාත්‍යාංශයට හිමි විය යුතු ප‍්‍රතිපාදන නියමිත පරිදි නොලැබීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී පාඨලී චම්පික ඇමැතිවරයා විවේචන එල්ල කර තිබූ අතර, එහෙත් ආණ්ඩුවේ නායකයන් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. කොළඹ නගරයේ අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත් කිරීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතියට නිසි පරිදි මුදල් ලබා නොදීම, කොළඹ නගරයට ජලය සැපයීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීමේ සැලසුමට අනුමැතිය ලබා නොදීම වැනි කරුණු රාශියක් නිසා මෙසේ පාඨලී චම්පික ඇමැතිවරයා බරපතළ ලෙස කළකිරීමට පත්ව සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවේ නායකයන් දෙපළට ඉල්ලීමක් යොමු කරන බවත්, එහි දී පිළිගත හැකි විසදුමක් ඉදිරිපත් නොවුවහොත් මෙසේ පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කර ස්වාධීන වීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී.

පසුගිය කාලය පුරාම ආණ්ඩුව මඟින් සකස් කළ සංවර්ධන ව්‍යාපෘති විධිමත් පරිදි ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, එමඟින් ආණ්ඩුව අකාර්යක්ෂම බවට වූ මතයක් ජනතාව අතරට ගොස් ඇති බවත් පාඨලී චම්පික ඇමැතිවරයා මෙන්ම ඇමැතිවරුන් රැසකගේ අදහස වී තිබේ. පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් 2018 වර්ෂය තුළ දී ජල ගැලීම් අවම කිරීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඇමැතිවරයා විසින් අවධාරණය කර තිබේ. එසේම ඔලියමුල්ල සහ කළුපාලම පොම්පාගාරවල වැඩ 2018 වර්ෂයේ දී අවසන් කළ යුතු බවත්, මේ සඳහා රුපියල් මිලියන 9,870 ක පිරිවැයක් දැරීමට සිදු වන බවත් ඇමැතිවරයා අදාළ කැබිනට් පත‍්‍රිකාව මඟින් පෙන්වා දී ඇත.

– sathhanda.lk

61 views

22 Comments to “චම්පිකට වෙනස තිත්ත වේ.. ඇමැතිකමෙන් ඉල්ලා අස්වී ස්වාධීන වෙන්න යයි.. පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..”

  1. BARCARDI says:

    This Pachaman now works on MONEY and seems like agree to all Policies of this GOV.

    Do not be hurry. You will be given more money. Do your bargaining further.

  2. Warnasinha says:

    This is only a drama to get attention. This Patisothagamie Charcole Champaka will never give up
    the power and perks in his ministerial position.

  3. BARCARDI says:

    RW may not be expecting any development of Western Province from you. But he is expecting you and SF to attack MR even with Flimsy Pretext.

    You are paid that amount.If it is not enough keep on blaming MR.

  4. Bend To Bend says:

    චම්පික යනු මේ සියවසේ උපන් අග්‍ර ගන්‍ය කපටියෙකි.ඔහු ආගම වික්කේය​,ජාතිය වික්කේය​,අතට අසු වන සියළු දේ සිය පැවැත්ම වෙනුවෙන් වික්කේය.විකුණමින් සිටින්නේය​.හෙළයේ උරුමය සිය හද පත්ලෙන් රකින්නකු අම්මා මුත්තා කීවත් කිසි දිනක එජාපය හා එක් වන්නේ නැත.ඉතිහාසයේ කොතැනක හෝ එජාපය හෙළයින්ගේ උරුමය රැක ඇත්නම් ඒ කොහේදැයි පෙන්වා දෙන ලෙස අපි දන්නා කියනා සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමු.මේ අභියෝගය විප්ලවීය යැයි කියා ගන්නා ජවිපෙටද අදාලය​.එජාපය හා නිදිවදින්නකු වේ නම් ඒ සිය පෞද්ගලික අරමුණු සාක්‍ෂාත් කර ගැන්මට විනා රට ගැන ඇති කැක්කුමකින් නොවන බව බුද්ධිමත් ජනයා දනී.චම්පික කිසිදා එජාපය හැර දා නොයන්නේය​.ඇමතිකම දන්දී වන ගත නොවන්නේය​.අවස්‍ථාවක් ලද හොත් එජාප නායකයින්ට කොකා පෙන්වන්නට තරම් ඔහු සූක්‍ෂමය​.උපතින් ගෙනා කපටි කෛරාටික කම් දස සිල් සමාදන් වීමෙන් අකා මකා වෙන්නේද නැත​.

  5. ජයලත් says:

    මේවා මෙගා ඩීල් … සිංහල බෞද්ධ ඡන්ද පදනම එක් අතකට යොමු වීම (කේන්ද්‍ර වීම) වැලැක්වීම ප්‍රබල අරමුණක් විය හැක. අප බොහෝ ප්‍රවේශම් විය යුතු අතර මෙවැනි දේ ගැන බුද්ධිමත්ව සිතිය යුතුය.

  6. pp says:

    suwadina wenna thami thiyenne. dan yanna thanak nahane.

  7. ppqaa says:

    me awurudu dekata mu waharila thiyana tharam

Main News