චම්පිකට වෙනස තිත්ත වේ.. ඇමැතිකමෙන් ඉල්ලා අස්වී ස්වාධීන වෙන්න යයි.. පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

October 28, 2017 at 1:20 pm | lanka C news
චම්පිකට වෙනස තිත්ත වේ.. ඇමැතිකමෙන් ඉල්ලා අස්වී ස්වාධීන වෙන්න යයි.. පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කරන බව පැවැසූ ප‍්‍රතිපාදන කිසිවක් නියමිත පරිදි ලැබී නැති නිසා, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් සමඟ සාකච්ඡා කොට විසදුමක් ලබා ගත නොහැකි නම් ඇමැති ධුරයෙන් ඉවත් වී ස්වාධීන මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීම පිළිබඳව පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අවධානය යොමු කර තිබේ.

අදාළ අමාත්‍යාංශයට හිමි විය යුතු ප‍්‍රතිපාදන නියමිත පරිදි නොලැබීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී පාඨලී චම්පික ඇමැතිවරයා විවේචන එල්ල කර තිබූ අතර, එහෙත් ආණ්ඩුවේ නායකයන් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. කොළඹ නගරයේ අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත් කිරීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතියට නිසි පරිදි මුදල් ලබා නොදීම, කොළඹ නගරයට ජලය සැපයීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීමේ සැලසුමට අනුමැතිය ලබා නොදීම වැනි කරුණු රාශියක් නිසා මෙසේ පාඨලී චම්පික ඇමැතිවරයා බරපතළ ලෙස කළකිරීමට පත්ව සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවේ නායකයන් දෙපළට ඉල්ලීමක් යොමු කරන බවත්, එහි දී පිළිගත හැකි විසදුමක් ඉදිරිපත් නොවුවහොත් මෙසේ පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කර ස්වාධීන වීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී.

පසුගිය කාලය පුරාම ආණ්ඩුව මඟින් සකස් කළ සංවර්ධන ව්‍යාපෘති විධිමත් පරිදි ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, එමඟින් ආණ්ඩුව අකාර්යක්ෂම බවට වූ මතයක් ජනතාව අතරට ගොස් ඇති බවත් පාඨලී චම්පික ඇමැතිවරයා මෙන්ම ඇමැතිවරුන් රැසකගේ අදහස වී තිබේ. පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් 2018 වර්ෂය තුළ දී ජල ගැලීම් අවම කිරීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඇමැතිවරයා විසින් අවධාරණය කර තිබේ. එසේම ඔලියමුල්ල සහ කළුපාලම පොම්පාගාරවල වැඩ 2018 වර්ෂයේ දී අවසන් කළ යුතු බවත්, මේ සඳහා රුපියල් මිලියන 9,870 ක පිරිවැයක් දැරීමට සිදු වන බවත් ඇමැතිවරයා අදාළ කැබිනට් පත‍්‍රිකාව මඟින් පෙන්වා දී ඇත.

– sathhanda.lk

61 views

22 Comments to “චම්පිකට වෙනස තිත්ත වේ.. ඇමැතිකමෙන් ඉල්ලා අස්වී ස්වාධීන වෙන්න යයි.. පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..”

  1. cw says:

    OMG, JO Please Please Please be careful. Deadly serpent is coming your way.

    • Vimarshana says:

      මෙවැනි පුද්ගලයන් දේශපාලන කුණු කුඩයට යැවීම චන්දදායකයාගේ පරම යුතුකම හා වගකීමයි.

      • Chamath says:

        දැඩිමුන්ඩ දෙවියනේ, මටත් ගෙදර යන්න වේවිද?

  2. daham says:

    moota ohoma wela madi.

    mekawa podu jana peramuna palaathataath wadda ganna epaa.

    • asaranaya says:

      චම්-පකයත් හොඳ නූල් සූත්තරකාරයෙක්. ප්‍රෙවේසම් වුනොත් යහාපතී

  3. gunasirbolto says:

    mugea boro mu kawdda aththakiwwe

  4. අකිල පොඩි පුතා says:

    පචයා ගත්තොත් විමල් උදය සමග අපිත් ඒකාබද්ධයෙන් ඉවතට

  5. Pemasiri says:

    Reason for his dissatisfaction is non other than the lack of funds to pocket out.

    Lack of funds to entertain his supporters….
    Lack of funds to spend on beautiful ladies….
    Lack of funds to get his vote based get established….
    Lack of funds to promote his name to become the next president or priminister……
    Lack of funds to carry out hidden agendas…..
    Lack of funds to hares his political opponents….

  6. Dushantha says:

    දෑන් ඉතින් ආලාපාළු ආර්ථිකේ නෙමෙයිනෙ තියෙන්නෙ. ආන්ඩුවට හොඳට සල්ලි තියනව ඈතිනෙ. ඉක්මනට සල්ලි හම්බ වෙයි ඉවසලා ඉඳපන්.

  7. Gamarala ge putha says:

    අනෙ චම් පච යෝ උඹ මහ බූරුවෙක් නේ බං. මෙගා පොලිසි කරන්න ​උඹට කවුද සල්ලි දෙන්නේ ?
    ඕව ඔක්කොම බොරු බව අපේ රටේ මිනිස්සු උඹට කලින් දැනගෙන හිටියා.
    උඹ බබා.

  8. කීර්ති විජේබාහු says:

    මූ අස්වන්නේ නෑ. බොරුවට කෑ ගහනවා විතරයි. තමන් ට වැඩක් කරන්න රනිල් ඉඩ දෙන්නේ නෑ / සල්ලි දෙන්නේ නෑ කියන අදහස සමාජයට යවන්න විතරයි මූට ඕනෙ. මූ කෑගැහැව්වයි කියලා මූට හම්බවෙන ප්‍රතිපාදේනෙකුත් නෑ. ආණ්ඩුව ට සල්ලි ඇත්තෙත් නෑ; තිබුනත් රනිල් මූට දෙන්නෙත් නෑ. මූත් ඒ හැමදෙයක් ම දන්නවා. මේවා නිකම් මිනිස්සුන් ව රවට්ටන්න කරන බොරු රඟපෑම් විතරයි. 2020 දි (හරි කවදා හරි ඡන්දයක් තියෙන අවස්ථාවක) මූ යූ. ඇන්. පී. සන්ධානෙ, නායකයා විදියට ඉදිරිපත් වෙන කොට, තමුසෙ මහ නගර ඇමති වශයෙන් කලේ මොනවා ද කියන ප්‍රශ්නෙ ට, උත්තරයක් නිර්මාණය කරලා තියන්න විතරයි, මූ මේ වෙලාවෙ බලාපොරොත්තු වෙන්නේ. මූ මේ වෙලාවෙ අස්වුනොත්, ඒක මූට එරෙහිව 2020 දී (හරි කවදා හරි ඡන්දයක් තියෙන අවස්ථාවක) රනිල් වාදීන් විසින් චෝදනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. He is the one who rocked our boat කියන එකට එදා ට මූට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මූ මේ වෙලාවෙ අස් වන්නේ නෑ.

    • vishnu says:

      මේ පර බල්ලට ගියපාර චන්දෙ ඉල්ලනකම් මමත් රැවටුනා.මූ සිංහ වෙස්ගත් වුර්කයෙක්.
      මූ මහින්දගේපක්ෂයේන් චන්දෙ ඉල්ලුවොත්.මහින්දට විරුද්දවත් අපි යනව
      මුගේ එකෙක් චන්දෙ ඉල්ලන්න ආවොත් ඌට බනින්නේ මුට උන ගැනෙන්න

  9. M de silva says:

    He is one of the biggest liars in the yàmapalana. Please don’t trust this man and also JO please be careful don’t ever take him to the new party. And also all patriotic people of this country must not vote for him at any elections. We must get together and send these type of dirty politicians home for good.

Main News