චම්පික අනාථයි.. අනතුර වූ සැනින් විනාඩි 03ක පලමු ඇමතුම පූජිතටයි.. ඇමතුම් ලයිස්තුව මෙන්න..

December 24, 2019 at 12:01 am | lanka C news
චම්පික අනාථයි.. අනතුර වූ සැනින් විනාඩි 03ක පලමු ඇමතුම පූජිතටයි.. ඇමතුම් ලයිස්තුව මෙන්න..

2016 වසරේදී රාජගිරියේදී ආන්දෝලනාත්මක රිය අනතුර සිදු වූ දින ඒ මොහොතේම චම්පික රණවක ඇමතිවරයාගේ ජංගම දුරකථනයෙන් පළමු අමුතුම එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ලබාගෙන ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ.

එම ඇමතුම තත්පර 161 කාලයක් ලබා ගෙන ඇතැයි ද උන්වහන්සේ සඳහන් කලහ.

අදාල දිනයේ ඔවුන්ගේ දුරකතන දත්ත වාර්තාවක් ඇතැතිව මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පල කලහ.

එමෙන්ම ඒ මොහොතේ අදාල දුරකථනය අනතුර සිදු වූ ස්ථානයේ තිබූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ අතර පූජිත ජයසුන්දර මහතා ගැන අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇත.

233 views

25 Comments to “චම්පික අනාථයි.. අනතුර වූ සැනින් විනාඩි 03ක පලමු ඇමතුම පූජිතටයි.. ඇමතුම් ලයිස්තුව මෙන්න..”

  1. එක්නැලිගොඩ අතුරුදහන් වීමටත් මූ වගකිව යුතුයි නේද? ඒකත් එළියට ගන්න.

  2. කිරිමෙල් says:

    මාරයාට, ගොන්සන්ට සහ කවිඳුට බොහෝමත්ම හිත් අමාරු වගේ. සත්‍යය ජය ගන්න විට බේගල් ලා මොර දෙන වගයි.

  3. කිරිමෙල් says:

    පිරිත් කිව්වට අපරාධකාරයන් නිදොස් වෙන්නෙම නෑ. කල කල දේ පල පල දේ.

  4. සුදත් says:

    අනේ ඒ අය ලොකු අයනේ වරදක් උනා කියලා ඔප්පු උනොත් ටොක්කක් ඇනලා නිදහස් කරයි පොඩි කෙනෙක් වැරදි කරොත් තමයි බරපතල දඩුවම් ලැබෙන්නේ

  5. Gemunu says:

    රනිල් – රාජපක්ෂ ඩීල් නිසා යට ගිය ගොඩක් නඩු තියෙනව. 2014 ගම්මම්පිලගෙ නෝන පදවපු, පලාත්සභා වාහනයට යටවුනු තරුනයටත් සාධාරණය ඉටු විය යුතුයි.

  6. Dharme says:

    Happuna Eka Golu wela naha neda

    Ugen Ktauttara gatthe nadda ?

  7. Habeeb says:

    If any can reveal about the phone calls on Thajudeen (Accident) murder

Main News